ඛුද්දකනිකායෙ

ථෙරාපදානය

(පඨමො භාගො)

37. මන්දාරව පුප්ඵිය වග්ග

3. භිසමුළාලදායක ථෙරාපදානය

’’සියළු ධර්‍මයන්ගේ තෙරපත් ඵුස්ස නම් සර්‍වඥවරයෙක් විය. සප්‍රාඥවූ, විවේකය කැමති උන්වහන්සේ මාගේ සමීපයට පැමිණි සේක.

’’පස් මරුන් ජයගත්, මහා කාරුණීකවූ එම බුදුරජාණන් වහන්සේ කෙරෙහි සිත පහදවා, මම නෙළුඹල සහ දඬු ගෙන බුද්ධ ශ්‍රේෂ්ඨයන් වහන්සේට දුනිමි.

’’මින් දෙයානූවන කපෙහි වූ එකල්හි යම් නෙළුඹල දනක් දුනිම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. නෙළුඹල දනෙහි මේ විපාකයයි.

’’සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී. මෙහි මේ අයුරින් ආයුෂ්මත් භිසමුළාලදායක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.’’

භිසමුළාලදායකත්ථෙරස්සාපදානං තතියං.