ඛුද්දකනිකායෙ
ථෙරාපදානය
(පඨමො භාගො)
37. මන්දාරව පුප්ඵිය වග්ග
4. කෙශරී පුප්ඵිය ථෙරාපදානය
’’එකල්හි මම හිමවත් පව්වෙහි විද්‍යාධරයෙක් වීමි. (එහිදී) මහත් යසස් ඇති, කෙළෙස් රජස් නැති, සක්මන් කරන්නාවූ බුදුරජුන් දුටිමි.
’’කෙසුරු මල් (බක්මී) තුණක් හිස මත තබා වෙස්සභූ බුදුරජුන් වෙත එළඹ පිදීමි.
මම තිස් එක්වන කපෙහි වූ එකල්හි යම් යම් කර්මයක් කෙළෙම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. බුද්ධ පූජාවෙහි මේ විපාකයයි.
’’සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී. මෙහි මේ අයුරින් ආයුෂ්මත් කෙශරී පුප්ඵිය තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.’’
කෙසරපුප්ඵියත්ථෙරස්සාපදානං චතුත්ථං.