ඛුද්දකනිකායෙ

ථෙරාපදානය

(පඨමො භාගො)

37. මන්දාරව පුප්ඵිය වග්ග

5. අඬ්කොල පුප්ඵිය ථෙරාපදානය

’’එකල්හි චිත්‍රකූට පර්‍වතයෙහි පදුම නම් බුදුරජතෙම වැඩ වෙසෙන සේක. තෙමේම අවබෝධ කළාවූ උන්වහන්සේ දැක (එහි) එළඹියෙමි.

’’එකල්හි පිපුණ රුකඟුන ගසක් දැක, මම එම මල් නෙලා, පස්මරුන් දිනූ පදුම බුදුරජුන් වෙත එළඹ (එය) පිදීමි.

’’මින් තිස් එක්වන කපෙහි වූ එකල්හි යම් පුෂ්ප පූජාවක් කෙළෙම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. බුද්ධ පූජාවෙහි මේ විපාකයයි.

’’සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී. මෙහි මේ අයුරින් ආයුෂ්මත් අඞ්කොල පුප්ඵිය තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.’’

අඞ්කොලපුප්ඵියත්ථෙරස්සාපදානං පඤ්චමං.