ඛුද්දකනිකායෙ
ථෙරාපදානය
(පඨමො භාගො)
37. මන්දාරව පුප්ඵිය වග්ග
6. කදම්බ පුප්ඵිය ථෙරාපදානය
’’ඇතුල් වීථියෙහි වඩින්නාවූ, ස්වර්ණවර්ණවූ, දෙතිස් ලකුණෙන් විසිතුරුවූ, කසුන් ඇගෑවක් වැනි
’’ලෝක නායකවූ බුදුරජුන් උතුම් පහයෙහි හිඳ දුටිමි. (මම) ඒ විපස්සී බුදුරජුන්හට කොළොම් මල් ගෙන පිදීමි.
’’මින් එක් අනූවන කපෙහි යම් පුෂ්ප පූජාවක් කෙළෙම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. බුද්ධ පූජාවෙහි මේ විපාකයයි.
’’සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී. මෙහි මේ අයුරින් ආයුෂ්මත් කදම්බ පුප්ඵිය තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.’’
කදම්බපුප්ඵියත්ථෙරස්සාපදානං ඡට්ඨං.