ඛුද්දකනිකායෙ
ථෙරාපදානය
(පඨමො භාගො)
37. මන්දාරව පුප්ඵිය වග්ග
7. උද්දාල පුප්ඵිය ථෙරාපදානය
’’අනොම නම් සම්බුදුරජ තෙමේ ගං ඉවුරෙහි විසූ සේක. මම එකල්හි ඇසල මල් ගෙන පස් මරුන් දිනූ උන්වහන්සේට පිදීමි.
’’මින් තිස් එක්වන කපෙහි යම් පුෂ්ප පූජාවක් කෙළෙම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. බුද්ධ පූජාවෙහි මේ විපාකයයි.
’’සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී. මෙහි මේ අයුරින් ආයුෂ්මත් උද්දාල පුප්ඵිය තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.’’
උද්දාලකපුප්ඵියත්ථෙරස්සාපදානං සත්තමං.