ඛුද්දකනිකායෙ
ථෙරාපදානය
(පඨමො භාගො)
37. මන්දාරව පුප්ඵිය වග්ග
8. එක චම්පක පුප්ඵිය ථෙරාපදානය
’’උපසන්ත නම් සම්බුදුරජතෙමේ කඳු අතරෙහි වෙසෙන සේක. (මම) එක් සපු මලක් ගෙන නරොත්තමවූ එම බුදුරජුන් වෙත එළඹියෙමි.
’’පහන් සිත් ඇත්තේ, සොම්නස්වූයේ, පස්මරුන් දිනූ පසේබුදුරජුන්හට (එම මල්) දොහොතින් ගෙන පිදීමි.
’’මින් තිස් එක්වන කපෙහි යම් පුෂ්ප පූජාවක් කෙළෙම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. බුද්ධ පූජාවෙහි මේ විපාකයයි.
’’සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී. මෙහි මේ අයුරින් ආයුෂ්මත් එක චම්පක පුප්ඵිය තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.’’
එකචම්පකපුප්ඵියත්ථෙරස්සාපදානං අට්ඨමං.