ඛුද්දකනිකායෙ

ථෙරාපදානය

(පඨමො භාගො)

37. මන්දාරව පුප්ඵිය වග්ග

9. තිමිර පුප්ඵිය ථෙරාපදානය

’’චන්ද්‍රභාගා නදී තීරයෙහි ගඟ පහලට මම යෙමි. (එකල්හි) පිපුනු සල් රුකක් වැනිව බබළන්නාවූ බුදුරජුන් මම දුටිමි.

’’පහන් සිත් ඇත්තේ, සොම්නස්වූයේ, මම තිමිර මල් ගෙන, එම මල් පසේ බුදුරජුන්ගේ මස්තකයෙහි (උඩට දමා) පිදීමි.

’’මින් එක් අනූවන කපෙහි වූ එකල්හි යම් පුෂ්ප පූජාවක් කෙළෙම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. බුද්ධ පූජාවෙහි මේ විපාකයයි.

’’සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී. මෙහි මේ අයුරින් ආයුෂ්මත් තිමිර පුප්ඵිය තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.’’

තිමිරපුප්ඵියත්ථෙරස්සාපදානං නවමං.