ඛුද්දකනිකායෙ
ථෙරාපදානය
(පඨමො භාගො)
37. මන්දාරව පුප්ඵිය වග්ග
10. සලලපුප්ඵිය ථෙරාපදානය
’’එකල්හි මම චන්‍ද්‍රභාග නදී තීරයෙහි කිඳුරෙක් වීමි. එහිදී සක්මණෙහි යෙදෙන, දෙවියනට දෙවිවූ බුදුරජුන් දිටිමි.
’’මම සළල මල් නෙලා, එම බුදුරජුන්හට දුනිමි. බුදුරජතෙමේ දිව්‍යමය සුවඳ ඇති එම සළල මල් ආඝ්‍රාණය කළ සේක.
’’මින් එක් තිස්වෙනි කපෙහි යම් කර්‍මයක් කෙළෙම්ද, (ඒ හේතුවෙන්) දුගතියත් නොදනිමි. මේ බුද්ධ පූජාවෙහි විපාකයයි.
(ඉක්බිති) පහන් සිත් ඇත්තේ, සොම්නස්වූයේ, බුදුරජුන් වැඳ, නැවතද ඇඳිලි බැඳ, පර්‍වතයට නැංගෙමි.
’’මින් එක් අනූවන කපෙහි යම් පුෂ්ප පූජාවක් කෙළෙම්ද, (ඒ හේතුවෙන්) දුගතියත් නොදනිමි. බුද්ධ පූජාවෙහි මේ විපාකයයි.
’’සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී. මෙහි මේ අයුරින් ආයුෂ්මත් සලල පුප්ඵිය තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.’’
සළලපුප්ඵියත්ථෙරස්සාපදානං දසමං.
මන්දාරවපුප්ඵියවග්ගො සත්තතිංසතිමො.