ඛුද්දකනිකායෙ
ථෙරාපදානය
(පඨමො භාගො)
38. බොධිවන්‍දක වග්ග
2. පාටලීපුප්ඵිය ථෙරාපදානය
’’සියල්ල තෙමේම අවබෝධ කළවූ, අග්‍ර පුද්ගලවූ, පස්මරුන් ජයගත්, විපස්සී නම් භාග්‍යවතුන් වහන්සේ, ස්වකීය ශිෂ්‍යයන් විසින් පිරිවරණ ලදුයේ, බන්‍ධුම නගරයට පිවිසි සේක.
’’මා විසින් පළොල් මල් තුනක් ඔඩොක්කුවෙහි තබන ලද්දේ. (ඒ) මම හිස පටන් නගනු කැමැත්තේ ගංතෙරට ගියෙමි.
’’බන්‍ධුමතී නගරයෙන් නික්ම වඩින්නාවූ, මහනිල් මලක් මෙන් බබලන, ඇවිලගත් ගින්නක් වැනිවූ, ශ්‍රෙෂ්ඨ ව්‍යාඝ්‍රයෙකු මෙන්වූ, උතුම්වූ, විශිෂ්ඨ ජන්ම ඇති, සිංහයෙකු වැනිවූ, ශ්‍රමණයනට අග්‍රවූ, භික්‍ෂු සංඝයා විසින් පිරිවරන ලද ලෝකනායකවූ බුදුරජුන් දුටිමි.
’’කෙළස් මල දෝනාවූ, ඒ බුදුරජුන් කෙරෙහි පැහැදුනේ, (එම පළොල්) මල් තුන ගෙන බුද්ධ හ්‍රෙෂ්ඨයන් වහන්සේ පිදීමි.
’’මින් එක් අනූවන කපෙහි යම් පුෂ්ප පූජාවක් කෙළෙම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. බුද්‍ධ පූජාවෙහි මේ විපාකයයි.
’’සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී. මෙහි මේ අයුරින් ආයුෂ්මත් පාටලීපුප්ඵිය තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.’’
පාටලිපුප්ඵියත්ථෙරස්සාපදානං දුතියං.