ඛුද්දකනිකායෙ
ථෙරාපදානය
(පඨමො භාගො)
39. අවණ්ටඵලදායක වග්ග
7. කදලිඵල දායක ථෙරාපදානය
’’කිණිහිරි රුකක් මෙන්ද, පසළොස්වක් පොහෝදා සඳු මෙන්ද බබළන, ඇවිලගත් ප්‍රදීප වෘක්‍ෂයක් වැනිවූ බුදුරජුන් දුටිමි.
’’මම කෙසෙල් ගෙඩියක් ගෙන, පහමන් සිත් ඇත්තේ, සොම්නස්වූයේ, බුදුරජුන්හට පිදීමි. (ඉ්කබිති) වැඳ ඉවත්ව ගියෙමි.
’’මින් එක් තිස්වන කපෙහි යම් ඵල දානයක් දුනිම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. ඵල දානයාගේ මේ විපාකයයි.
’’බුද්‍ධ ශ්‍රේෂ්ඨයන් වහන්සේගේ සමීපයට ඒකාන්තයෙන්ම මාගේ යහපත් පැමිණීමක් විය. ත්‍රිවිද්‍යාවෝ පැමිණෙන ලද්දාහු වෙති. ත්‍රිවිද්‍යා (ලාබීමි.) බුදුරජාණන් වහන්සේගේ සසුන කරණ ලදී.
’’මා විසින් කෙළෙස් දවන ලදී. සියළු භවයෝ නසන ලදහ. හස්තියෙකු මෙන් බැඳුම් සිඳ, ආශ්‍රව රහිතව වෙසෙමි.
’’සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී. මෙහි මේ අයුරින් ආයුෂ්මත් කදලිඵලදායක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.’’
කදලිඵලදායකත්ථෙරස්සාපදානං සත්තමං.