ඛුද්දකනිකායෙ
ථෙරාපදානය
(පඨමො භාගො)
39. අවණ්ටඵලදායක වග්ග
8. පනසඵලදායක ථෙරාපදානය
’’එකල්හි අර්ජුණ නම් සම්බුද්‍ධ තෙමේ හිමවතෙහි විසූහ. එම සර්‍වඥ තෙමේ පසළොස්චරණ ධර්‍මයන්ගෙන් යුක්තවූයේ සමාධියෙහි දක්‍ෂවූයේද වේ.
’’කළගෙඩි පමණවූ පනස (කොස්) හා ජීවජීවක නම් ඵලද ගෙනවුත් පර්ණච්ඡත්‍රයෙහි කුඩය වෙනුවට ඉස ලන කොළයෙහි තබා මම ශාස්තෘන් වහන්සේට දුනිමි.
’’මින් එක් අනූවන කපෙහි වූ එකල්හි යම් ඵල දානයක් දුනිම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. ඵල දානයාගේ මේ විපාකයයි.
’’බුද්‍ධ ශ්‍රේෂ්ඨයන් වහන්සේගේ සමීපයට ඒකාන්තයෙන්ම මාගේ යහපත් පැමිණීමක් විය. ත්‍රිවිද්‍යාවෝ පැමිණෙන ලද්දාහු වෙති. ත්‍රිවිද්‍යා (ලාබීමි.) බුදුරජාණන් වහන්සේගේ සසුන කරණ ලදී.
’’මා විසින් කෙළෙස් දවන ලදී. සියළු භවයෝ නසන ලදහ. හස්තියෙකු මෙන් බැඳුම් සිඳ, ආශ්‍රව රහිතව වෙසෙමි.
’’සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී. මෙහි මේ අයුරින් ආයුෂ්මත් පනසඵලදායක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.’’
පනසඵලදායකත්ථෙරස්සාපදානං අට්ඨමං.