ඛුද්දකනිකායෙ
ථෙරාපදානය
(පඨමො භාගො)
40. පිළින්දවච්ඡ වග්ග
8. සලල මණ්ඩපිය ථෙරාපදානය
’’වැස නිමවන ලද බඹසර ඇති, බහා තබන ලද පව් ඇති කකුසඳ බුදුරජුන් පිරිනිවි කල්හි මම සලල මල් ගෙන මණ්ඩපයක් කරවීමි.
’’(ඒ පිණින්) තව්තිසා දෙව්ලොවට ගියේ, උතුම් විමනක් ලබමි. අනික් දෙවියන් මැඩගෙන බබලමි. පුණය කර්‍මයාගේ මේ විපාකයයි.
’’ඉදින් දිවා කල්හි හෝ, රාත්‍රි කල්හි හෝ සක්මන් කරන්නාවූද, සිටියාවූද, මම සලල මල්වලින් වැසුනේ වෙමි. පුණ්‍ය කර්‍මයාගේ මේ විපාකයයි.
’’මෙම කපෙහිම යම් බුදුවරයෙක් පිදූයෙම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. බුද්ධ පූජාවෙහි මේ විපාකයයි.
’’මා විසින් සියළු ක්ලේශයෝ දවන ලදහ. සියළු භවයෝ නසන ලදහ. සියළු ආශ්‍රවයෝ ක්‍ෂය කරණ ලදහ. දැන් නැවත ඉපදීමක් නැත.
’’ඒකාන්තයෙන් බුදුරජාණන් වහන්සේගේ සමීපයට මාගේ යහපත් පැමිණීමක් විය. පැමිණෙන ලද ත්‍රිවිද්‍යාවෝ ඇත්තාහුය. මා විසින් බුදුරජාණන් වහන්සේ ගේ සසුන කරණ ලදී.
’’සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී. මෙහි මේ අයුරින් ආයුෂ්මත් සලල මණ්ඩපිය තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.’’
සළලමණ්ඩපියත්ථෙරස්සාපදානං අට්ඨමං.