ඛුද්දකනිකායෙ
ථෙරාපදානය
(පඨමො භාගො)
42. භද්දාලි වග්ග
4. මධුමංසදායක ථෙරාපදානය
’’මම බන්ධුමතී නගරයෙහි නූරු වැද්දෙක් වීම්ද (එකල්හි) කැවුතු, පපුමස් ඉතිරිකොට ගෙන, එම මස් මී පැණියෙහි දැමීමි.
’’මම භික්‍ෂූන් රැස්වන (ශාලාවට) ගොස් එක් පාත්‍රයක් ගතිමි. මම ඒ පාත්‍රය (යටකී) මී සිත් පුරා භික්‍ෂු සංඝයාට දුනිමි.
’’යමෙක් මේ භික්‍ෂු පිරිසෙහි වෘද්‍ධතර භික්‍ෂුව වීද, හේ (එකල්හි) මට පින් දුන්නේය. (කෙසේදයත්?) පාත්‍ර පුරවා දුන් (දනින්) මහත් සුව ලබාවා.
’’(මෙම) කුශල මූලයෙන් මෙහෙයන ලදුයේ (දිව්‍ය මනුෂ්‍ය) විවිධ සම්පත් අනුභව කොට අන්තිම භවය පවත්නා කල්හි ක්ලේශයන් දවන්නේය (කියායි.)
’’මම එහි සිත පහදවා, තව්තිසාවට උත්පත්ති වශයෙන් ගියෙමි. එහි (දිව බොජුන්) අනුභව කොට, (දිව පැන්) පානය කොට, මහත්වූ සැප ලබමි.
’’මඩුවෙක්හි හෝ, රුක් මුලක හෝ, (හිඳ) පූර්‍ව කර්‍මය සිහි කෙළෙම්ද, එකෙණෙහි මට ආහාර පාන වැසි වසී.
’’මේ මාගේ අන්තිම භවයයි. අන්තිම භවය (මේ) පවතී. මෙහිදු මට හැම කල්හි ආහාර පාන (වැසි) වසී.
’’මම එම මාංශ දානය කරණකොටගෙන භවයෙහි හැසිර, සියළු ආශ්‍රවයන් (ප්‍රහාණ පරිඥා වශයෙන්) දැන, ආශ්‍රව රහිතව වෙසෙමි.
’’මින් අනූ එක්වන කපෙහිවූ එකල්හි යම් දනක් දුනිම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. මධු දානයාගේ මේ විපාකයයි.
’’ඒකාන්තයෙන් බුදුරජාණන් වහන්සේගේ සමීපයට මාගේ යහපත් පැමිණීමක් විය. පැමිණෙන ලද ත්‍රිවිද්‍යාවෝ ඇත්තාහුය. මා විසින් බුදුරජාණන් වහන්සේ ගේ සසුන කරණ ලදී.
’’මා විසින් ක්ලේශයන් දවන ලදහ. සියළු භවයෝ නසන ලදහ. හස්ති රාජයකු මෙන් බැඳුම් සිඳ, ආශ්‍රව රහිතව වෙසෙමි.
’’සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී. මෙහි මේ අයුරින් ආයුෂ්මත් මධුමංසදායක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.’’
මධුමංසදායකත්ථෙරස්සාපදානං චතුත්ථං.