ඛුද්දකනිකායෙ
ථෙරාපදානය
(පඨමො භාගො)
42. භද්දාලි වග්ග
5. නාග පල්ලවක ථෙරාපදානය
’’මම බන්ධුමතී නගරයෙහි රජ උයනෙහි වසමි. මාගේ අසපුව හාත්පස (තැනක) ලෝකනායකවූ බුදුරජතෙම වැඩහුන්නාහ.
’’මම නාදළු රැගෙන බුදුජුන් පිදීමි. පහන් සිත් ඇත්තේ, සොම්නස්වූයේ, තථාගතයන් වහන්සේට වැන්දෙමි.
’’මින් එක් අනුවන කපෙහි යම් (නා) දළු පූජාවක් කෙළෙම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. බුද්‍ධ පූජාවෙහි මේ විපාකයයි.
’’ඒකාන්තයෙන් බුදුරජාණන් වහන්සේගේ සමීපයට මාගේ යහපත් පැමිණීමක් විය. පැමිණෙන ලද ත්‍රිවිද්‍යාවෝ ඇත්තාහුය. මා විසින් බුදුරජාණන් වහන්සේ ගේ සසුන කරණ ලදී.
’’මා විසින් ක්ලේශයන් දවන ලදහ. සියළු භවයෝ නසන ලදහ. හස්ති රාජයකු මෙන් බැඳුම් සිඳ, ආශ්‍රව රහිතව වෙසෙමි.
’’සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී. මෙහි මේ අයුරින් ආයුෂ්මත් නාග පල්ලවක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.’’
නාගපල්ලවත්ථෙරස්සාපදානං පඤ්චමං.