ඛුද්දකනිකායෙ
ථෙරාපදානය
(පඨමො භාගො)
42. භද්දාලි වග්ග
7. උච්ඡඞ්ග පුප්ඵිය ථෙරාපදානය
’’මම එකල්හි බන්ධුමතී නගරයෙහි මල්කරුවෙක් වීමි. මල් උකුලක් (ඔඩොක්කුවක්) පුරවාගෙන ඇතුළු වීථියට ගියෙමි.
’’එසමයෙහි ලෝකනායකවූ භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂු සංඝයා විසින් පිරවරන ලදුයේ මහත්වූ ආනුභාවයෙන් (මාර්‍ගයෙහි) වඩිති.
’’ලොව බබුළුවන්නාවූ, ලෝවැස්සන් සසරින් එතර කරන්නාවූ, විපස්සී බුදුරජුන් දැක, ඔඩොක්කුවෙන් මලක් ගෙන පිදීමි.
’’මින් එක් අනූවන කපෙහි යම් පුෂ්ප දානයක් දුනිම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. බුද්ධ පූජාවෙහි මේ විපාකයයි.
’’ඒකාන්තයෙන් බුදුරජාණන් වහන්සේගේ සමීපයට මාගේ යහපත් පැමිණීමක් විය. පැමිණෙන ලද ත්‍රිවිද්‍යාවෝ ඇත්තාහුය. මා විසින් බුදුරජාණන් වහන්සේ ගේ සසුන කරණ ලදී.
’’මා විසින් ක්ලේශයන් දවන ලදහ. සියළු භවයෝ නසන ලදහ. හස්ති රාජයකු මෙන් බැඳුම් සිඳ, ආශ්‍රව රහිතව වෙසෙමි.
’’සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී. මෙහි මේ අයුරින් ආයුෂ්මත් උච්ඡඞ්ග පුප්ඵිය තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.’’
උච්ඡඞ්ගපුප්ඵියත්ථෙරස්සාපදානං සත්තමං.