ඛුද්දකනිකායෙ

ථෙරාපදානය

(දුතියො භාගො)

46. ජගතිදායක වග්ග

3. සීහාසන වීජක ථෙරාපදානය

’’මම තිස්ස බුදුරජුන්ගේ බෝධි වෘක්‍ෂයට වැන්දෙමි. විජිනිපතක් ගෙන එහි සිහසුනට පවන් සැලීමි.

’’මින් දෙයානූවන කපෙහි සිහසුනට පවන් සැලූයෙම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. පවන් සැලීමෙහි මේ විපාකයයි.

’’මාගේ ක්ලේශයෝ දවන ලදහ. සියළු භවයෝ නසන ලදහ. ඇතෙකු මෙන් බැඳුම් සිඳ, ආශ්‍රව රහිතව වෙසෙමි.

’’ඒකාන්තයෙන් බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේගේ සමීපයට මාගේ පැමිණීමක් විය. පමුණුවන ලද ත්‍රිවිද්‍යා ඇත්තෝය. බුදුරජාණන් වහන්සේගේ සසුන කරන ලදී.

මෙහි මේ අයුරින් ආයුෂ්මත් සීහාසන වීජක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.

සීහාසනබීජියත්ථෙරස්සාපදානං තතියං.