ඛුද්දකනිකායෙ
ථෙරාපදානය
(දුතියො භාගො)
46. ජගතිදායක වග්ග
4. ති උක්කාධාරක ථෙරාපදානය
’’පදුමුත්තර බුදුරජුන්ගේ උතුම් බොධි වෘක්‍ෂයෙහි (ආලෝකය පිණිස) පහන් සිත් ඇති, සොම්නස්වූ (මම) පන්දම් තුණක් දැරීමි.
’’ඒ මම මින් සියක් දහස්වන කපෙහි (යම්) පන්දම් (තුණක්) දැරූයෙම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. පන්දම් දනෙහි මේ විපාකයයි.
’’මාගේ ක්ලේශයෝ දවන ලදහ. සියළු භවයෝ නසන ලදහ. ඇතෙකු මෙන් බැඳුම් සිඳ, ආශ්‍රව රහිතව වෙසෙමි.
’’ඒකාන්තයෙන් බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේගේ සමීපයට මාගේ පැමිණීමක් විය. පමුණුවන ලද ත්‍රිවිද්‍යා ඇත්තෝය. බුදුරජාණන් වහන්සේගේ සසුන කරන ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් ති උක්කාධාරක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
තිණුක්කධාරියත්ථෙරස්සාපදානං චතුත්ථං.