ඛුද්දකනිකායෙ

ථෙරාපදානය

(දුතියො භාගො)

46. ජගතිදායක වග්ග

5. අක්කමන දායක ථෙරාපදානය

’’වැස නිමවන ලද බඹසර ඇති, බ්‍රාහ්මණ වංශයෙහිවූ, දිවා විහරණයෙහි හැසිරෙන්නාවූ කකුසඳ බුදුරජුන්හට මම පා තබන පුවරුවක් දුනිමි.

’’මෙම කල්පයෙහිමවූ එකල්හි යම් දනක් දුනිම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. පා තබන පුවරු දනෙහි මේ විපාකයයි.

’’මාගේ ක්ලේශයෝ දවන ලදහ. සියළු භවයෝ නසන ලදහ. ඇතෙකු මෙන් බැඳුම් සිඳ, ආශ්‍රව රහිතව වෙසෙමි.

’’ඒකාන්තයෙන් බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේගේ සමීපයට මාගේ පැමිණීමක් විය. පමුණුවන ලද ත්‍රිවිද්‍යා ඇත්තෝය. බුදුරජාණන් වහන්සේගේ සසුන කරන ලදී.

මෙහි මේ අයුරින් ආයුෂ්මත් අක්කමන දායක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.

අක්කමනදායකත්ථෙරස්සාපදානං පඤ්චමං.