ඛුද්දකනිකායෙ

ථෙරාපදානය

(දුතියො භාගො)

46. ජගතිදායක වග්ග

6. වන කොරණ්ඩිය ථෙරාපදානය

’’ලෝකජ්‍යෙෂ්ඨවූ, තාදී ගුණ ඇති සිද්‍ධාර්ත්‍ථ බුදුරජාණන් වහන්සේට වන කරඬු (මලක්) ගෙන පිදීමි.

’’මින් සිව් අනූවන කපෙහි යම් පුෂ්ප පූජාවක් කෙළෙම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. බුද්‍ධ පූජාවෙහි මේ විපාකයයි.

’’මාගේ ක්ලේශයෝ දවන ලදහ. සියළු භවයෝ නසන ලදහ. ඇතෙකු මෙන් බැඳුම් සිඳ, ආශ්‍රව රහිතව වෙසෙමි.

’’ඒකාන්තයෙන් බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේගේ සමීපයට මාගේ පැමිණීමක් විය. පමුණුවන ලද ත්‍රිවිද්‍යා ඇත්තෝය. බුදුරජාණන් වහන්සේගේ සසුන කරන ලදී.

මෙහි මේ අයුරින් ආයුෂ්මත් වන කොරණ්ඩිය තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.

වනකොරණ්ඩියත්ථෙරස්සාපදානං ඡට්ඨං.

වීසතිමං භාණවාරං.