ඛුද්දකනිකායෙ

ථෙරාපදානය

(දුතියො භාගො)

47. සාලකුසුමිය වග්ග

4. සෙතුදායක ථෙරාපදානය

’’සක්මන් කරන්නාවූ විපස්සී බුදුරජුන් හමුවෙහි මම පහන් සිත් ඇත්තේ, සොම්නස්වූයේ එදණ්ඩක් කරවීමි.

’’මින් එක් අසූවන කපෙහි (යම්) හෙයක් කරවූයෙම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. සෙතු (ඒ දඬු) දානයෙහි මේ විපාකයයි.

’’මාගේ ක්ලේශයෝ දවන ලදහ. සියළු භවයෝ නසන ලදහ. ඇතෙකු මෙන් බැඳුම් සිඳ, ආශ්‍රව රහිතව වෙසෙමි.

’’ඒකාන්තයෙන් බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේගේ සමීපයට මාගේ පැමිණීමක් විය. පමුණුවන ලද ත්‍රිවිද්‍යා ඇත්තෝය. බුදුරජාණන් වහන්සේගේ සසුන කරන ලදී.

මෙහි මේ අයුරින් ආයුෂ්මත් සෙතුදායක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.

සෙතුදායකත්ථෙරස්සාපදානං චතුත්ථං.