ඛුද්දකනිකායෙ
ථෙරාපදානය
(දුතියො භාගො)
47. සාලකුසුමිය වග්ග
5. සුමනකාල චණ්ඩිය ථෙරාපදානය
’’මම සිද්‍ධාර්ත්‍ථ බුදුරජාණන් වහන්සේට සමන් මල්වලින් වසන ලද විජිනිපතක් දුනිමි. (එයින් මම) මහත් යශස් දරමි.
’’මම මින් සිව් අනූවන කපෙහි යම් විජිනි දනක් දුනිම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. තල්වැට (වටාපත්) දීමෙහි මේ විපාකයයි.
’’මාගේ ක්ලේශයෝ දවන ලදහ. සියළු භවයෝ නසන ලදහ. ඇතෙකු මෙන් බැඳුම් සිඳ, ආශ්‍රව රහිතව වෙසෙමි.
’’ඒකාන්තයෙන් බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේගේ සමීපයට මාගේ පැමිණීමක් විය. පමුණුවන ලද ත්‍රිවිද්‍යා ඇත්තෝය. බුදුරජාණන් වහන්සේගේ සසුන කරන ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් සුමනකාල චණ්ඩිය තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
සුමනතාලවණ්ටියත්ථෙරස්සාපදානං පඤ්චමං.