ඛුද්දකනිකායෙ
ථෙරාපදානය
(දුතියො භාගො)
47. සාලකුසුමිය වග්ග
6. අවණ්ට ඵලිය ථෙරාපදානය
’’පස්මරුන් දිනූ, සියල්ල තෙමේම අවබෝධ කළාවූ සතරංසී නම් භාග්‍යවත් බුදුරජතෙම විවේක සුව කැමැත්තේ පිඬු පිණිස නික්මුණ සේක.
’’අතින් ගත් ගෙඩි (වර්‍ගයක්) ඇති මම බුදුරජුන් දැක (එහි) එළඹියෙමි. පහන් සිත් ඇත්තේ, සොම්නස්වූයේ, එම (වටවු) ගෙඩි (වර්‍ගය) උන්වහන්සේට දුනිමි.
’’මින් සිව් අනූවන කපෙහි වූ එකල්හි යම් ඵල දානයක් දුනිම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. ඵල දානයාගේ මේ විපාකයයි.
’’මාගේ ක්ලේශයෝ දවන ලදහ. සියළු භවයෝ නසන ලදහ. ඇතෙකු මෙන් බැඳුම් සිඳ, ආශ්‍රව රහිතව වෙසෙමි.
’’ඒකාන්තයෙන් බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේගේ සමීපයට මාගේ පැමිණීමක් විය. පමුණුවන ලද ත්‍රිවිද්‍යා ඇත්තෝය. බුදුරජාණන් වහන්සේගේ සසුන කරන ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් අවන්ට ඵලිය තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
අවටඵලියත්ථෙරස්සාපදානං ඡට්ඨං.