ඛුද්දකනිකායෙ
ථෙරාපදානය
(දුතියො භාගො)
47. සාලකුසුමිය වග්ග
7. ලබුජ දායක ථෙරාපදානය
’’එකල්හි (මම) බන්ධුමතී නගරයෙහි ආරාමිකයෙක් (අරමක වතාවත් කරන්නෙක්) වීමි.
’’මම දෙල් ගෙඩියක් ගෙන, බුද්‍ධ ශ්‍රේෂ්ඨයන් වහන්සේට දුනිමි. මහත් යසස් ඇති, මාගේ ප්‍රීතිය ඇති කරන්නාවූ, මෙලෙව්හිදීම සුව ගෙන දෙන්නාවූ බුදුරජතෙම අහසෙහි සිටියේ එය පිළිගත් සේක. පැහැදි සිතින් (එම) ඵලය බුදුරජුන්හට දී,
’’එකල්හි (මම) මහත්වූ ප්‍රීතියද, උතුම්වූ සැපයද ලැබීමි. ඒ ඒ තන්හි උපන්නාවූ මට රුවන්ද උපදී.
’’මින් එක් අනූවනවන කපෙහිවූ එකල්හි යම් ඵල දානයක් දුනිම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. ඵල දානයාගේ මේ විපාකයයි.
’’මාගේ ක්ලේශයෝ දවන ලදහ. සියළු භවයෝ නසන ලදහ. ඇතෙකු මෙන් බැඳුම් සිඳ, ආශ්‍රව රහිතව වෙසෙමි.
’’ඒකාන්තයෙන් බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේගේ සමීපයට මාගේ පැමිණීමක් විය. පමුණුවන ලද ත්‍රිවිද්‍යා ඇත්තෝය. බුදුරජාණන් වහන්සේගේ සසුන කරන ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් ලබුජ දායක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
ලබුජඵලදායකත්ථෙරස්සාපදානං සත්තමං.