ඛුද්දකනිකායෙ
ථෙරාපදානය
(දුතියො භාගො)
47. සාලකුසුමිය වග්ග
8. පිලක්ඛඵල දායක ථෙරාපදානය
’’වනයෙහිදී මහත් යසස් ඇති අත්‍ථදස්සී බුදුරජුන් දැක, පහන් සිත් ඇත්තේ, සොම්නස්වූයේ, පුලිල ගෙඩියක් උන්වහන්සේට දුනිමි.
’’අටළොස් සියවන කපෙහි වූ එකල්හි යම් ඵල දානයක් දුනිම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. ඵල දානයාගේ මේ විපාකයයි.
’’මාගේ ක්ලේශයෝ දවන ලදහ. සියළු භවයෝ නසන ලදහ. ඇතෙකු මෙන් බැඳුම් සිඳ, ආශ්‍රව රහිතව වෙසෙමි.
’’ඒකාන්තයෙන් බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේගේ සමීපයට මාගේ පැමිණීමක් විය. පමුණුවන ලද ත්‍රිවිද්‍යා ඇත්තෝය. බුදුරජාණන් වහන්සේගේ සසුන කරන ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් පිලක්ඛඵල තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
පිලක්ඛඵලදායකත්ථෙරස්සාපදානං අට්ඨමං.