ඛුද්දකනිකායෙ

ථෙරාපදානය

(දුතියො භාගො)

48. නළමාලිය වග්ග

4. සුමනවිජනිය ථෙරාපදානය

’’විපස්සී බුදුරජුන්ගේ උතුම් බොධි වෘක්‍ෂය සමීපයෙහිදී සමන් මල් විජිනියක් ගෙන (මම) ඒ උතුම් බෝධියට පවන් සැලීමි.

’’මින් එක් අනූවන කපෙහි උතුම් බෝධියට පවන් සැලූයෙමිද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. පවන් සැලීමෙහි මේ විපාකයයි.

’’මාගේ ක්ලේශයෝ දවන ලදහ. සියළු භවයෝ නසන ලදහ. ඇතෙකු මෙන් බැඳුම් සිඳ, ආශ්‍රව රහිතව වෙසෙමි.

’’ඒකාන්තයෙන් බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේගේ සමීපයට මාගේ පැමිණීමක් විය. පමුණුවන ලද ත්‍රිවිද්‍යා ඇත්තෝය. බුදුරජාණන් වහන්සේගේ සසුන කරන ලදී.

මෙහි මේ අයුරින් ආයුෂ්මත් සුමනවිජනිය තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.

සුමනබීජනියත්ථෙරස්සාපදානං චතුත්ථං.