ඛුද්දකනිකායෙ
ථෙරාපදානය
(දුතියො භාගො)
48. නළමාලිය වග්ග
5. කුම්භදායක ථෙරාපදානය
’’පිඬු පිණිස හැසිරෙන්නාවූ විපස්සී බුදුරජුන් හිස් පාත්‍රය දැක කොමු පිට්ටු (ගෙන) පිරවීමි.
’’මින් එක් අනූවන කපෙහි වු එකල්හි යම් පිට්ටුවක් දුනිම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. කුම්මාස දානයෙහි මේ විපාකයයි.
’’මාගේ ක්ලේශයෝ දවන ලදහ. සියළු භවයෝ නසන ලදහ. ඇතෙකු මෙන් බැඳුම් සිඳ, ආශ්‍රව රහිතව වෙසෙමි.
’’ඒකාන්තයෙන් බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේගේ සමීපයට මාගේ පැමිණීමක් විය. පමුණුවන ලද ත්‍රිවිද්‍යා ඇත්තෝය. බුදුරජාණන් වහන්සේගේ සසුන කරන ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් කුම්භදායක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
කුම්මාසදායකත්ථෙරස්සාපදානං පඤ්චමං.