ඛුද්දකනිකායෙ

ථෙරාපදානය

(දුතියො භාගො)

48. නළමාලිය වග්ග

6. කුසට්ඨදායක ථෙරාපදානය

’’වැස නිමවන ලද බඹසර ඇති, බ්‍රාහ්මණ වංශයෙහිවූ කාශ්‍යප බුදුරජුන්හට පහන් සිත් ඇත්තේ, සොම්නස්වූයේ ලහබත් අටක් දුනිමි.

’’මෙම කල්පයෙහිම සලාක බත් අටක් දුනිමි. (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. සලාක බත් අටක් දීමෙහි මේ විපාකයයි.

’’මාගේ ක්ලේශයෝ දවන ලදහ. සියළු භවයෝ නසන ලදහ. ඇතෙකු මෙන් බැඳුම් සිඳ, ආශ්‍රව රහිතව වෙසෙමි.

’’ඒකාන්තයෙන් බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේගේ සමීපයට මාගේ පැමිණීමක් විය. පමුණුවන ලද ත්‍රිවිද්‍යා ඇත්තෝය. බුදුරජාණන් වහන්සේගේ සසුන කරන ලදී.

මෙහි මේ අයුරින් ආයුෂ්මත් කුසට්ඨදායක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.

කුසට්ඨකදායකත්ථෙරස්සාපදානං ඡට්ඨං.