ඛුද්දකනිකායෙ

ථෙරාපදානය

(දුතියො භාගො)

48. නළමාලිය වග්ග

8. වල්ලිකාර ඵලදායක ථෙරාපදානය

’’එකල්හි සුමන නම් සම්බුදුරජතෙම තක්කරා රාජධානියෙහි වැඩ විසූහ. මම සියල්ල දත් බුදුරජාණන් වහන්සේට වල්ලිකාර ඵලයක් ගෙන දුනිමි.

’’මින් එක්තිස්වන කපෙහි යම් ඵල දානයක් දුනිම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. ඵල දානයාගේ මේ විපාකයයි.

’’මාගේ ක්ලේශයෝ දවන ලදහ. සියළු භවයෝ නසන ලදහ. ඇතෙකු මෙන් බැඳුම් සිඳ, ආශ්‍රව රහිතව වෙසෙමි.

’’ඒකාන්තයෙන් බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේගේ සමීපයට මාගේ පැමිණීමක් විය. පමුණුවන ලද ත්‍රිවිද්‍යා ඇත්තෝය. බුදුරජාණන් වහන්සේගේ සසුන කරන ලදී.

මෙහි මේ අයුරින් ආයුෂ්මත් වල්ලිකාර ඵලදායක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.

වල්ලිකාරඵලදායකත්ථෙරස්සාපදානං අට්ඨමං.