ඛුද්දකනිකායෙ

ථෙරාපදානය

(දුතියො භාගො)

48. නළමාලිය වග්ග

10. පුලින චඞ්කමිය ථෙරාපදානය

’’මම පෙර මහා වෙනෙහි මුව වැද්දෙක් වීමි. මම වාත මෘගයෙකු සොයන්නේ සක්මණක් දුටුවෙමි.

’’මම ඔඩොක්කුවෙන් වැලි ගෙන පහන් සිත් ඇත්තේ, සොම්නස්වූයේ, ශ්‍රීමත්වූ බුදුරජුන්හට සක්මණෙහි ඉස්සෙමි.

’’මින් තිස්වන කපෙහි මම (යම්) වැලි ඉසීමක් කෙළම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. පුලින දානයාගේ මේ විපාකයයි.

’’මාගේ ක්ලේශයෝ දවන ලදහ. සියළු භවයෝ නසන ලදහ. ඇතෙකු මෙන් බැඳුම් සිඳ, ආශ්‍රව රහිතව වෙසෙමි.

’’ඒකාන්තයෙන් බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේගේ සමීපයට මාගේ පැමිණීමක් විය. පමුණුවන ලද ත්‍රිවිද්‍යා ඇත්තෝය. බුදුරජාණන් වහන්සේගේ සසුන කරන ලදී.

මෙහි මේ අයුරින් ආයුෂ්මත් පුලින චඞ්කමිය තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.

පුලිනචඞ්කමියත්ථෙරස්සාපදානං දසමං.

නළමාලිවග්ගො අට්ඨචත්තාලීසමො.