ඛුද්දකනිකායෙ

ථෙරාපදානය

(දුතියො භාගො)

49. පංසුකූල වග්ග

1. පංසුකූල සඤ්ඤක ථෙරාපදානය

’’සියල්ල තෙමේම දත් අග්‍ර පුද්ගලවූ තිසස නම් බුදුවරයෙක් තෙම විය. (එම) සර්‍වඥ තෙම පවුල් (පාංශුකූල) සිවුරු තබා විහාරයට පිවිසිසේක.

’’මම නවන ලද දුන්න ගෙන අහර පිණිස (වනයෙහි) හැසිරෙන්නෙමි. කඩුව ගෙන මම වනයට පිවිසියෙමි.

’’එකල්හි එහිදී ගසක් මුදුනෙහි එල්වන ලද පවුල් සිවුර දිකීමි. (දැක) දුන්න එහිම තබා සිරසෙහි ඇඳිලි බැඳ,

’’මම පහන් සිත් ඇත්තේ, සොම්නස්වූයේ, මහත්වූ ප්‍රීතියෙන් බුද්ධ ශ්‍රේෂ්ඨයන් සිහිකොට පංශුකූල චීවරයට වැන්දෙමි.

’’මම මින් දෙයානූවන කපෙහි පසුල් සිවුරට වැන්දෙම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. වන්දනාවෙහි මේ විපාකයයි.

’’මාගේ ක්ලේශයෝ දවන ලදහ. සියළු භවයෝ නසන ලදහ. ඇතෙකු මෙන් බැඳුම් සිඳ, ආශ්‍රව රහිතව වෙසෙමි.

’’ඒකාන්තයෙන් බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේගේ සමීපයට මාගේ පැමිණීමක් විය. පමුණුවන ලද ත්‍රිවිද්‍යා ඇත්තෝය. බුදුරජාණන් වහන්සේගේ සසුන කරන ලදී.

මෙහි මේ අයුරින් ආයුෂ්මත් පංසුකූල සඤ්ඤක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.

පංසුකූලසඤ්ඤකත්ථෙරස්සාපදානං පඨමං.