ඛුද්දකනිකායෙ

ථෙරාපදානය

(දුතියො භාගො)

49. පංසුකූල වග්ග

6. ධාතු පූජක ථෙරාපදානය

’’ලෝකනායකවූ සිද්‍ධාර්ත්‍ථ බුදුරජුන් පිරිනිවි කල්හි මම මාගේ ඥාතීන් රැස්කොට ධාතු පූජාවක් කෙළෙමි.

’’මින් සිව් වන කපෙහි යම් ධාතු පූජාවක් කෙළෙම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. ධාතු පූජාවෙහි මේ විපාකයයි.

’’මාගේ ක්ලේශයෝ දවන ලදහ. සියළු භවයෝ නසන ලදහ. ඇතෙකු මෙන් බැඳුම් සිඳ, ආශ්‍රව රහිතව වෙසෙමි.

’’ඒකාන්තයෙන් බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේගේ සමීපයට මාගේ පැමිණීමක් විය. පමුණුවන ලද ත්‍රිවිද්‍යා ඇත්තෝය. බුදුරජාණන් වහන්සේගේ සසුන කරන ලදී.

මෙහි මේ අයුරින් ආයුෂ්මත් ධාතු පූජක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.

ධාතුපූජකත්ථෙරස්සාපදානං ඡට්ඨං.