ඛුද්දකනිකායෙ
ථෙරාපදානය
(දුතියො භාගො)
50. කිඞ්කනි පුප්ඵිය වග්ග
2. පංසුකූල පූජක ථෙරාපදානය
’’හිමවතට නුදුරෙහි උදඞ්ගණ නම් පර්‍වතයක් විය. එහි ගස් මුදුනක එල්වන ලද පාංශුකූල චීවරය දුටිමි.
’’එකල්හි මම කිඞ්කණි පුෂ්ප තුණක් නෙලාගෙන සතුටුවූයේ, සතුටු සිතින්ම (එම) පංශුකූල චීවරයට පිදීමි.
’’මැනවින් කරන ලද එම කර්‍මය කරණකොටගෙනද, චිත්ත ප්‍රණිධීන් කරණකොටගෙනද මිනිස් සිරුර හැර තව්තිසා දෙව්ලොවට (උත්පත්ති වශයෙන්) ගියෙමි.
’’මින් එක් අනූවන කපෙහිවූ එකල්හි යම් කර්‍මයක් කෙළෙම්ද, එම අර්හත් ධජය පුදා (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි.
’’මාගේ ක්ලේශයෝ දවන ලදහ. සියළු භවයෝ නසන ලදහ. ඇතෙකු මෙන් බැඳුම් සිඳ, ආශ්‍රව රහිතව වෙසෙමි.
’’ඒකාන්තයෙන් බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේගේ සමීපයට මාගේ පැමිණීමක් විය. පමුණුවන ලද ත්‍රිවිද්‍යා ඇත්තෝය. බුදුරජාණන් වහන්සේගේ සසුන කරන ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් මොරහත්‍ථිය තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
පංසුකූලපූජකත්ථෙරස්සාපදානං දුතියං.