ඛුද්දකනිකායෙ

ථෙරාපදානය

(දුතියො භාගො)

50. කිඞ්කනි පුප්ඵිය වග්ග

4. කිංසුක පුප්ඵිය ථෙරාපදානය

’’පිපීගිය කෑල ගසක් දැක, ඇඳිලි බැඳගෙන, බුද්‍ධ ශ්‍රේෂ්ඨයන් වන්සේ සිහිපත්කොට (ගසේ තිබියදීම) අහසෙහි පිදීමි.

’’මම මැනවින් කරණ ලද එම කර්‍මය කරණකොටගෙනද, චිත්ත ප්‍රණිධීන් කරණකොටගෙනද, මිනිස් සිරුර හැර තව්තිසා දෙව්ලොවට උත්පත්ති වශයෙන් ගියෙමි.

’’මින් එක් තිස්වන කපෙහි වූ එකල්හි යම් කර්‍මයක් කෙළෙම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. බුද්‍ධ පූජාවෙහි මේ විපාකයයි.

’’මාගේ ක්ලේශයෝ දවන ලදහ. සියළු භවයෝ නසන ලදහ. ඇතෙකු මෙන් බැඳුම් සිඳ, ආශ්‍රව රහිතව වෙසෙමි.

’’ඒකාන්තයෙන් බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේගේ සමීපයට මාගේ පැමිණීමක් විය. පමුණුවන ලද ත්‍රිවිද්‍යා ඇත්තෝය. බුදුරජාණන් වහන්සේගේ සසුන කරන ලදී.

මෙහි මේ අයුරින් ආයුෂ්මත් ති උක්කාධාරක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.

කිංසුකපුප්ඵියත්ථෙරස්සාපදානං චතුත්ථං.