ඛුද්දකනිකායෙ
ථෙරාපදානය
(දුතියො භාගො)
50. කිඞ්කනි පුප්ඵිය වග්ග
10. පියාල ඵලදායක ථෙරාපදානය
’’පෙර (මම) මුව වැද්දෙක් වීමි. එකල්හි වනයෙහි හැසිරෙන්නේ සියළු ධර්‍මයන්ගේ පරතෙරට ගිය කෙළෙස් රජස් විරහිත බුදුරජුන් දුටිමි.
’’මම පියල් ගෙඩියක් ගෙන පහන්වූයේ, සිය සිතින්ම පින්කෙත්වූ වීරවූ බුද්‍ධ ශ්‍රේෂ්ඨයන් වහන්සේට දුනිමි.
’’මින් එක්තිස්වන කපෙහි වූ එකල්හි යම් (පියල්) දානයක් දුනිම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. ඵල දානයාගේ මේ විපාකයයි.
’’මාගේ ක්ලේශයෝ දවන ලදහ. සියළු භවයෝ නසන ලදහ. ඇතෙකු මෙන් බැඳුම් සිඳ, ආශ්‍රව රහිතව වෙසෙමි.
’’ඒකාන්තයෙන් බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේගේ සමීපයට මාගේ පැමිණීමක් විය. පමුණුවන ලද ත්‍රිවිද්‍යා ඇත්තෝය. බුදුරජාණන් වහන්සේගේ සසුන කරන ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් ගන්‍ධපූජක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
පියාලඵලදායකත්ථෙරස්සාපදානං දසමං.
කිඞ්කණිපුප්ඵවග්ගො පඤ්ඤාසමො.
මෙත්තෙය්‍යවග්ගදසකං.
පඤ්චමසතකං සමත්තං.