ඛුද්දකනිකායෙ
ථෙරාපදානය
(දුතියො භාගො)
52. කුරඤ්ඡිය වග්ග
2. කපිත්‍ථඵලදායක ථෙරාපදානය
’’ලෝකයාගේ පූජාවන් පිළිගන්නාවූ, ස්වර්‍ණවර්‍ණවූ, වීථියට පිළිපන්නාවූ බුදුරජුන් දැක ගිවුළුඵලයක් (දිවුල් ගෙඩියක්) දුනිමි.
’’මින් එක් අනුවන කපෙහි වූ එකල්හි යම් (ගිවුළු) ඵලයක් දුනිම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. ඵල දානයාගේ මේ විපාකයයි.
’’මාගේ ක්ලේශයෝ දවන ලදහ. සියළු භවයෝ නසන ලදහ. ඇතෙකු මෙන් බැඳුම් සිඳ, ආශ්‍රව රහිතව වෙසෙමි.
’’ඒකාන්තයෙන් බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේගේ සමීපයට මාගේ පැමිණීමක් විය. පමුණුවන ලද ත්‍රිවිද්‍යා ඇත්තෝය. බුදුරජාණන් වහන්සේගේ සසුන කරන ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් කපිත්‍ථඵලදායක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
කපිත්ථඵලදායකත්ථෙරස්සාපදානං දුතියං.