ඛුද්දකනිකායෙ

ථෙරාපදානය

(දුතියො භාගො)

52. කුරඤ්ඡිය වග්ග

3. කොසුම්භඵල දායක ථෙරාපදානය

’’කුඹුක් රුකක් මෙන් බලන, දේවාතිදේවවූ, නරශ්‍රේෂ්ඨවූ, වීථියට පිළිපන් බුදුරජුන්හට කොසුම්භ ඵලයක් දුනිමි.

’’මින් එක් අනූවන කපෙහි වූ එකල්හි යම් ඵල දානයක් දුනිම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. ඵල දානයෙහි මේ විපාකයයි.

’’මාගේ ක්ලේශයෝ දවන ලදහ. සියළු භවයෝ නසන ලදහ. ඇතෙකු මෙන් බැඳුම් සිඳ, ආශ්‍රව රහිතව වෙසෙමි.

’’ඒකාන්තයෙන් බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේගේ සමීපයට මාගේ පැමිණීමක් විය. පමුණුවන ලද ත්‍රිවිද්‍යා ඇත්තෝය. බුදුරජාණන් වහන්සේගේ සසුන කරන ලදී.

මෙහි මේ අයුරින් ආයුෂ්මත් කොසුම්භඵලදායක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.

කොසම්බඵලියත්ථෙරස්සාපදානං තතියං.