ඛුද්දකනිකායෙ
ථෙරාපදානය
(දුතියො භාගො)
52. කුරඤ්ඡිය වග්ග
4. කෙතක පුප්ඵිය ථෙරාපදානය
’’පුරුෂොත්තමවූ බුදුරජතෙම විනතා නදී තීරයෙහි වැඩහුන්නාහ. (මම) මැනවින් සන්සුන්වූ, එකඟවූ කෙළෙස් රජස් විරහිත බුදුරජුන් දුටිමි.
’’එකල්හි මම මී සුවඳ වහනය වන වැටකෙයියා මලකින් පහන් සිත් ඇත්තේ, සොම්නස්වූයේ බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේ පිදීමි.
’’මින් එක් අනූවන කපෙහි යම් පුෂ්ප පූජාවක් කෙළෙම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. බුද්ධ පූජාවෙහි මේ විපාකයයි.
’’මාගේ ක්ලේශයෝ දවන ලදහ. සියළු භවයෝ නසන ලදහ. ඇතෙකු මෙන් බැඳුම් සිඳ, ආශ්‍රව රහිතව වෙසෙමි.
’’ඒකාන්තයෙන් බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේගේ සමීපයට මාගේ පැමිණීමක් විය. පමුණුවන ලද ත්‍රිවිද්‍යා ඇත්තෝය. බුදුරජාණන් වහන්සේගේ සසුන කරන ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් කෙලක පුප්ඵිය තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
කෙතකපුප්ඵියත්ථෙරස්සාපදානං චතුත්ථං.