ඛුද්දකනිකායෙ
ථෙරාපදානය
(දුතියො භාගො)
52. කුරඤ්ඡිය වග්ග
5. නාගපුප්ඵිය ථෙරාපදානය
’’ලෝකයාගේ පූජාවන් පිළිගන්නාවූ, ස්වර්‍ණවර්‍ණවූ, වීථියට පිළිපන්, සම්බුදුරජුන්හට නා මලක් පිදීමි.
’’මින් එක් අනූවන කපෙහි යම් පුෂ්ප පූජාවක් කෙළෙම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. බුද්ධ පූජාවෙහි මේ විපාකයයි.
’’මාගේ ක්ලේශයෝ දවන ලදහ. සියළු භවයෝ නසන ලදහ. ඇතෙකු මෙන් බැඳුම් සිඳ, ආශ්‍රව රහිතව වෙසෙමි.
’’ඒකාන්තයෙන් බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේගේ සමීපයට මාගේ පැමිණීමක් විය. පමුණුවන ලද ත්‍රිවිද්‍යා ඇත්තෝය. බුදුරජාණන් වහන්සේගේ සසුන කරන ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් නාගපුප්ඵිය තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
නාගපුප්ඵියත්ථෙරස්සාපදානං පඤ්චමං.