ඛුද්දකනිකායෙ

ථෙරාපදානය

(දුතියො භාගො)

53. තිණදායක වග්ග

2. මඤ්චදායක ථෙරාපදානය

’’ලෝක ජ්‍යෙෂ්ඨවූ, තාදී ගුණ ඇති විපස්සී බුදුරජුන්හට මා විසින් පහන් සිතින් යුතුව සියතින්ම එක ඇඳක් දෙන ලදී.

’’එම මඤ්චක දානය කරණකොටගෙන හස්ති යානද, අශ්ව යානද යන දිව්‍යමය යානයන් ලබමි. ආශ්‍රවක්‍ෂයටද පැමිණියේ වෙමි.

’’මින් එක් අනුවන කපෙහි මම යම් මඤ්චක දානයක් දුනිම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. මඤ්චක දානයාගේ මේ විපාකයයි.

’’මාගේ ක්ලේශයෝ දවන ලදහ. සියළු භවයෝ නසන ලදහ. ඇතෙකු මෙන් බැඳුම් සිඳ, ආශ්‍රව රහිතව වෙසෙමි.

’’ඒකාන්තයෙන් බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේගේ සමීපයට මාගේ පැමිණීමක් විය. පමුණුවන ලද ත්‍රිවිද්‍යා ඇත්තෝය. බුදුරජාණන් වහන්සේගේ සසුන කරන ලදී.

මෙහි මේ අයුරින් ආයුෂ්මත් මඤ්චදායක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.

මඤ්චදායකත්ථෙරස්සාපදානං දුතියං.