ඛුද්දකනිකායෙ

ථෙරාපදානය

(දුතියො භාගො)

53. තිණදායක වග්ග

3. සරණ ගමනීය ථෙරාපදානය

’’එකල්හි ආජීවකයෙක් වූ මමද, භික්‍ෂුවක්ද නැවකට නැගුනෙමු. නැව බිඳෙන කල්හි භික්‍ෂුව මට සරණ දුන්නේය.

’’මින් එක් අනූවන කපෙහි වූ එකල්හි ඒ භික්‍ෂු තෙම මට යම් සරණයක් දුන්නේද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. මෙය සරණාගමණයෙහි විපාකයයි.

’’මාගේ ක්ලේශයෝ දවන ලදහ. සියළු භවයෝ නසන ලදහ. ඇතෙකු මෙන් බැඳුම් සිඳ, ආශ්‍රව රහිතව වෙසෙමි.

’’ඒකාන්තයෙන් බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේගේ සමීපයට මාගේ පැමිණීමක් විය. පමුණුවන ලද ත්‍රිවිද්‍යා ඇත්තෝය. බුදුරජාණන් වහන්සේගේ සසුන කරන ලදී.

මෙහි මේ අයුරින් ආයුෂ්මත් සරණ ගමනීය තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.

සරණගමනියත්ථෙරස්සාපදානං තතියං.