අඞ්ගුත්තරනිකායො

පඤ්චක නිපාතය

5. පඤ්චම පණ්ණාසකය

(23) 3. දීඝ චාරිකා වර්‍ගය

10. දුතිය කණ්හසප්ප සූත්‍රය

’’මහණෙනි, කෘෂ්ණ සර්‍පයා කෙරෙහි මේ දෝෂ පසක් වෙත්.

’’කවර පසක්ද යත්, කිපෙනසුළු වේ. බද්‍ධ වෛර ඇති වේ. දරුණු විෂ ඇති වේ. දිව් දෙකක් ඇති වේ. මිත්‍ර ද්‍රෝහී වේ යන පසයි.’’

’’මහණෙනි, කෘෂ්ණ සර්‍පයා කෙරෙහි මේ දෝෂ පසක් වෙත්.

’’මහණෙනි, මෙපරිද්දෙන්ම ස්ත්‍රිය කෙරෙහි දෝෂ පසක් වෙත්.

’’කවර පසක්ද යත්, කිපෙනසුළු වේ. බද්‍ධ වෛර ඇති වේ. දරුණු විෂ ඇති වේ. දිව් දෙකක් ඇති වේ. මිත්‍ර ද්‍රෝහී වේ.

’’මහණෙනි, බොහෝ සෙයින් ස්ත්‍රිය තියුණුවූ රාග ඇති වේද, මහණෙනි, එහි මෙය ස්ත්‍රියගේ දරුණු විෂය වේ. මහණෙනි, බොහෝ සෙයින් සත්‍රිය කේලාම් කියන්නේ වේද, මහණෙනි, මෙය එහි ස්ත්‍රියගේ දිව් දෙකක් ඇති බව වේ. මහණෙනි, බොහෝ සෙයින් ස්වාමියා ඉක්මවා හැසිරෙන්නී වේද, මහණෙනි, මෙය ස්ත්‍රියගේ මිත්‍ර දොා්හී බව වේ යන පසයි.’’

’’මහණෙනි, මෙපරිද්දෙන්ම ස්ත්‍රිය කෙරෙහි මේ දෝෂ පසක් වෙත්.

විසි තුන් වන දීඝචාරිකා වර්‍ගය නිමි.