අඞ්ගුත්තරනිකායො
පඤ්චක නිපාතය
2. දෙවැනි පණ්ණාසකය
(8) 3. යොධාජීව වර්‍ගය (අනාගතභය වර්‍ගය)
9. තතිය අනාගත භය සූත්‍රය
’’මහණෙනි, මේ අනාගත භය පසක් දැන් නූපන්නාහු, මත්තෙහි නූපදින්නාහ. ඒ භය පස තොප විසින් දැනගත යුතු වෙත්. දැනගෙණද, ඔවුන්ගේ දුරුකිරීම පිණිස උත්සාහ කටයුතුයි.
’’කවර පසක්ද යත්?
’’මහණෙනි, මතු කාලයෙහි නොවඩන ලද කය ඇත්තාවූ, නොවඩන ලද සිල් ඇත්තාවූ, නොවඩන ලද සිත ඇත්තාවූ, නොවඩන ලද ප්‍රඥාව ඇත්තාවූ භික්‍ෂූහු වන්නාහුය
’’නොවඩන ලද කය ඇත්තාවූම, නොවඩන ලද සිල් ඇත්තාවූම, නොවඩන ලද සිත් ඇත්තාවූම, නොවඩන ලද ප්‍රඥාව ඇත්තාවූම,
’’ඒ භික්‍ෂූහු අන්‍යයන් උපසම්පදා කරන්නාහුය. ඔවුන් අධිශීලයෙහිද, අධිචිත්තයෙහිද, අධිප්‍රඥායෙහිද හික්මවන්ට නොහැකි වන්නාහුය.
’’ඔවුහුද, මහණෙනි, මතු කාලයෙහි නොවඩන ලද කය ඇත්තාවූ, නොවඩන ලද සිල් ඇත්තාවූ, නොවඩන ලද සිත ඇත්තාවූ, නොවඩන ලද ප්‍රඥාව ඇත්තාවූ භික්‍ෂූහු වන්නාහුය මහණෙනි, මතු කාලයෙහි නොවඩන ලද කය ඇත්තාවූ, නොවඩන ලද සිල් ඇත්තාවූ, නොවඩන ලද සිත ඇත්තාවූ, නොවඩන ලද ප්‍රඥාව ඇත්තාවූ භික්‍ෂූහු වන්නාහුය
’’නොවඩන ලද කය ඇත්තාවූම, නොවඩන ලද සිල් ඇත්තාවූම, නොවඩන ලද සිත් ඇත්තාවූම, නොවඩන ලද ප්‍රඥාව ඇත්තාවූම, වන්නාහුය.
’’මහණෙනි, මෙසේ වනාහි ධර්මය දූෂ්‍ය කිරීමෙන්, විනය දූෂ්‍ය කිරීම වේ. විනය දූෂ්‍ය කිරීමෙන් ධර්මය දූෂ්‍ය කිරීම වේ.
’’මහණෙනි, මේ පළමුවන අනාගත භය මෙකල්හි නූපන්නේ, මත්තෙහි උපදින්නේය. එය තොප විසින් දත යුතුයි. දැනගෙණද එය දුරුකිරීම පිණිස උත්සාහ කටයුතුයි.
’’මහණෙනි, නැවත අනිකක්ද කියමි. මහණෙනි, මතු කාලයෙහි නොවඩන ලද කය ඇත්තාවූ, නොවඩන ලද සිල් ඇත්තාවූ, නොවඩන ලද සිත ඇත්තාවූ, නොවඩන ලද ප්‍රඥාව ඇත්තාවූ භික්‍ෂූහු වන්නාහුය මහණෙනි, මතු කාලයෙහි නොවඩන ලද කය ඇත්තාවූ, නොවඩන ලද සිල් ඇත්තාවූ, නොවඩන ලද සිත ඇත්තාවූ, නොවඩන ලද ප්‍රඥාව ඇත්තාවූ භික්‍ෂූහු වන්නාහුය
’’නොවඩන ලද කය ඇත්තාවූම, නොවඩන ලද සිල් ඇත්තාවූම, නොවඩන ලද සිත් ඇත්තාවූම, නොවඩන ලද ප්‍රඥාව ඇත්තාවූම, ඒ භික්‍ෂූහු අන්‍යයන් උපසම්පදා කරන්නාහුය. ඔවුන් අධිශීලයෙහිද, අධිචිත්තයෙහිද, අධිප්‍රඥායෙහිද හික්මවන්ට නොහැකි වන්නාහුය.
’’මහණෙනි, මතු කාලයෙහි නොවඩන ලද කය ඇත්තාවූ, නොවඩන ලද සිල් ඇත්තාවූ, නොවඩන ලද සිත ඇත්තාවූ, නොවඩන ලද ප්‍රඥාව ඇත්තාවූ භික්‍ෂූහු වන්නාහුය මහණෙනි, මතු කාලයෙහි නොවඩන ලද කය ඇත්තාවූ, නොවඩන ලද සිල් ඇත්තාවූ, නොවඩන ලද සිත ඇත්තාවූ, නොවඩන ලද ප්‍රඥාව ඇත්තාවූ භික්‍ෂූහු වන්නාහුය
’’මහණෙනි, මෙසේ වනාහි ධර්මය දූෂ්‍ය කිරීමෙන්, විනය දූෂ්‍ය කිරීම වේ. විනය දූෂ්‍ය කිරීමෙන් ධර්මය දූෂ්‍ය කිරීම වේ.
’’මහණෙනි,මේ දෙවන අනාගත භය දැන් නූපන්නේ, මත්තෙහි උපදින්නේය. එය තොප විසින් දැණගත යුතුයි. දැනගෙණද එය දුරුකිරීම පිණිස උත්සාහ කටයුතුයි.
’’මහණෙනි, මතු කාලයෙහි නොවඩන ලද කය ඇත්තාවූ, නොවඩන ලද සිල් ඇත්තාවූ, නොවඩන ලද සිත ඇත්තාවූ, නොවඩන ලද ප්‍රඥාව ඇත්තාවූ භික්‍ෂූහු වන්නාහුය මහණෙනි, මතු කාලයෙහි නොවඩන ලද කය ඇත්තාවූ, නොවඩන ලද සිල් ඇත්තාවූ, නොවඩන ලද සිත ඇත්තාවූ, නොවඩන ලද ප්‍රඥාව ඇත්තාවූ භික්‍ෂූහු වන්නාහුය
’’නොවඩන ලද කය ඇත්තාවූම, නොවඩන ලද සිල් ඇත්තාවූම, නොවඩන ලද සිත් ඇත්තාවූම, නොවඩන ලද ප්‍රඥාව ඇත්තාවූම, ඒ භික්‍ෂූහු අන්‍යයන් උපසම්පදා කරන්නාහුය. ඔවුන් අධිශීලයෙහිද, අධිචිත්තයෙහිද, අධිප්‍රඥායෙහිද හික්මවන්ට නොහැකි වන්නාහුය. අභිධර්‍ම කථාව, තුෂ්ටි බහුලකොට ඇති කථාව කියන්නාහු, ලාමකවූ ධර්‍මයට බැසගන්නාහු, දැනනොගන්නාහුය. මහණෙනි, මෙසේ වනාහි ධර්මය දූෂ්‍ය කිරීමෙන්, විනය දූෂ්‍ය කිරීම වේ. විනය දූෂ්‍ය කිරීමෙන් ධර්මය දූෂ්‍ය කිරීම වේ. මහණෙනි, මේ තුන්වන අනාගත භය මෙකල්හි නූපන්නේ, මත්තෙහි උපදින්නේය. එය තොප විසින් දැණගත යුතුයි. දැනගෙණද එය දුරුකිරීම පිණිස උත්සාහ කටයුතුයි.
’’මහණෙනි, නැවත අනිකක්ද කියමි. මහණෙනි, මතු කාලයෙහි නොවඩන ලද කය ඇත්තාවූ, නොවඩන ලද සිල් ඇත්තාවූ, නොවඩන ලද සිත ඇත්තාවූ, නොවඩන ලද ප්‍රඥාව ඇත්තාවූ භික්‍ෂූහු වන්නාහුය මහණෙනි, මතු කාලයෙහි නොවඩන ලද කය ඇත්තාවූ, නොවඩන ලද සිල් ඇත්තාවූ, නොවඩන ලද සිත ඇත්තාවූ, නොවඩන ලද ප්‍රඥාව ඇත්තාවූ භික්‍ෂූහු වන්නාහුය. ඔවුහු නොවඩන ලද කය ඇත්තාහුම, නොවඩන ලද සිල් ඇත්තාහුම, නොවඩන ලද සිත් ඇත්තාහුම, යම් ඒ සූත්‍රාන්තයෝ තථාගතයන් වහන්සේ විසින් වදාරණ ලද්දාහු, ගැඹුරු වූවාහු, ගැඹුරු අර්ත්‍ථ ඇත්තාහු, ලෝකෝත්තර වූවාහු, ශුන්‍යතාවෙන් යුක්තවූවාහු වෙද්ද,
’’ඒ සූත්‍රයන් කියනු ලබන කල්හි අසන්ට නොකැමැති වෙත්. ඇසීමට කන් නොඑලවන්නාහ. දැනගැණීමට සිත නොපිහිටුවන්නාහ. ඒ ධර්මයන් උගත යුතුය, පිරිවැහිය යුතුයයි නොසිතන්නාහ. යම් ඒ සූත්‍රාන්ත වනාහි කවීන් විසින් කරණ ලද්දාහු, කවීන්ට හිත වූවාහු, විසිතුරු අක්‍ෂර ඇත්තාහු, බ්‍යඥ්ජන ඇත්තාහු, ශාසනයෙන් පිටත්හිවූ ශ්‍රාවකයන් විසින් කියන ලද්දාහු වෙද්ද, ඒ සූත්‍රාන්තයන් කියනු ලබන කල්හි අසන්ට කැමති වෙත්. ඇසීමට කන් එලවත්. දැනගැනීමට සිත පිහිටුවත්. ඒ ධර්මයන්ද උගත යුතුය, පිරිවැහැය යුතුයයි සිතන්නාහ. මහණෙනි, මෙසේ වනාහි ධර්ම දූෂ්‍යයෙන් විනය දූෂ්‍ය වේ. විනය දූෂ්‍යයෙන් ධර්ම දූෂ්‍යය වේ. මහණෙනි, මේ සතරවන අනාගත භය මෙකල්හි නූපන්නේ, මත්තෙහි උපදින්නේය. එය තොප විසින් දැණගත යුතුයි. දැනගෙණද එය දුරුකිරීම පිණිස උත්සාහ කටයුතුයි.
’’මහණෙනි, නැවත අනිකක්ද කියමි. මහණෙනි, මතු කාලයෙහි නොවඩන ලද කය ඇත්තාවූ, නොවඩන ලද සිල් ඇත්තාවූ, නොවඩන ලද සිත ඇත්තාවූ, නොවඩන ලද ප්‍රඥාව ඇත්තාවූ භික්‍ෂූහු වන්නාහුය මහණෙනි, මතු කාලයෙහි නොවඩන ලද කය ඇත්තාවූ, නොවඩන ලද සිල් ඇත්තාවූ, නොවඩන ලද සිත ඇත්තාවූ, නොවඩන ලද ප්‍රඥාව ඇත්තාවූ භික්‍ෂූහු වන්නාහුය. නොවඩන ලද කය ඇත්තාවූම, නොවඩන ලද සිල් ඇත්තාවූම, නොවඩන ලද සිත් ඇත්තාවූම, නොවඩන ලද ප්‍රඥාව ඇත්තාවූම, ස්ථවිර භික්‍ෂූහු ප්‍රත්‍යය බහුලකොට ඇත්තාහු, ශාසනය ලිහිල්කොට ගත්තාහු, පඤ්ච නීවරණයන්ට බැස ගැන්මෙහි පූර්‍වඞගම වූවාහු, ප්‍රකර්‍ෂ විවේකයෙහි බහා තබන ලද ධුර ඇත්තාහු වන්නාහුය.
’’නොපැමිණියහුගේ පැමිණීම පිණිස, නොලබන ලද්දහුගේ ලැබීම පිණිස, ප්‍රත්‍යක්‍ෂ නොකරණ ලද්දහුගේ ප්‍රත්‍යක්‍ෂකිරීම පිණිස, වීර්‍ය්‍යාරම්භ නොකරන්නාහුය.
’’ඔවුන්ගේ පශ්චිම ජනතාව දෘෂ්ටානුගතියට පැමිණෙන්නේය. ඒ ජනතාවද, ප්‍රත්‍ය බහුලකොට ඇත්තී, සස්න ලිහිල්කොට ගන්නා ලද්දී, නීවරණයන්ට බැසගැන්මෙහි පෙරටුව ගමන් කරන්නී, ප්‍රකර්‍ෂ විවේකයෙහි බහා තබන ලද ධුර ඇත්තී වන්නීය. නොපැමිණියහුගේ පැමිණීම පිණිස, නොලබන ලද්දහුගේ ලැබීම පිණිස, ප්‍රත්‍යක්‍ෂ නොකරණ ලද්දහුගේ ප්‍රත්‍යක්‍ෂකිරීම පිණිස,
’’මහණෙනි, මෙසේ වනාහි ධර්‍ම සන්දූෂ්‍යයෙන්, විනය සන්දූෂ්‍යය වේ. විනය සන්දූෂ්‍යයෙන් ධර්ම සන්දූෂ්‍යය වේ. මහණෙනි, මේ පස්වන අනාගත භය මෙකල්හි නූපන්නේ, මතු උපදින්නේය.
’’එය තොප විසින් දැනගත යුතුයි. දැනගෙණද, එය දුරු කිරීම පිණිස උත්සාහ කටයුතුයි. මහණෙනි, මේ අනාගත භය පසක් දැන් නූපන්නාහු, මත්තෙහි නූපදින්නාහ. ඒ භය පස තොප විසින් දැනගත යුතු වෙත්. දැනගෙණද, ඔවුන්ගේ දුරුකිරීම පිණිස උත්සාහ කටයුතුයි.