ඛුද්දක නිකාය
ඉතිවුත්තකය
2. දුක නිපාතය
1. සංවෙජනීය වර්ගය
3. තපනීය ධම්ම සූත්‍රය
මහණෙනි, (මෙලොවද පරලොවද) වෙහෙසන්නාවූ හෝ දුකම සිතවූ හෝ පසු තැවිල්ලට හෙතුවූ ධර්ම (කරුණු) දෙකක් වෙත්, කවර දෙකක්ද යත්?
“මහණෙනි, මේ ලොකයෙහි ඇතැම් පුද්ගලයෙක් තෙමේ නොකරන ලද පින් ඇත්තේ වේද, නොකරන ලද කුසල් ඇත්තේ වේද, නොකරන ලද දුකට රැකවල් ඇත්තේ වේද, කරන ලද පව් ඇත්තේ වේද, කරන ලද රෞද්‍ර ක්‍රියා ඇත්තේ වේද, කරන ලද දුසිල් බැව් ඇත්තේ වේද, හෙතෙම මා විසින් පින් නොකරන ලද්දේ” යයි ද තැවෙයි. ‘මා විසින් පව් කරන ලද්දේයයිද තැවෙයි, මහණෙනි, මේ වනාහී තැවියයුතු ධර්මදෙක වෙත්යයි.”
මේ අර්ථය භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක, එහි මේ අර්ථය මෙසේ කියනු ලැබේ.
“කයින් දුශ්චරිත කොට වචනයෙන්ද දුශ්චරිතයක් කොට සිතින්ද දුසිරිකොට දොෂ යයි දන්නා ලද අන්‍යවූ යම් අපරාධ වේද එයද කොට,
“කුසල් දහම් නොකොට බොහෝ අකුසල් කොට ඒ දුෂ්ප්‍රාඥතෙමේ ශරීරයාගේ භෙදයෙන් නරකයෙහි උපදීයයි”