ඛුද්දක නිකාය

ඉතිවුත්තකය

2. දුක නිපාතය

2. ජාගරිය වර්ගය

2. දෙශනා ද්වය සූත්‍රය

“මහණෙනි, තථාගත නම්වූ අර්හත්වූ සම්‍යක් සම්බුද්ධයන් වහන්සේගේ පිළිවෙළක් අනුව ඇති දහම් දෙසුන් දෙකක් වෙත්. කවර දෙකෙක්ද යත්? පාප ධර්මය ලාමක වශයෙන් දකිව්යයි මෝතොමෝ පළමුවන ධර්ම දෙශනාවය. පව පව් වශයෙන් දැක ඒ පවෙහි කලකිරෙවු, නොඇලෙවු, මිදෙවුයයි මෝ තොමෝ දෙවන දහම් දෙසුමය.

“මහණෙනි, අර්හත්වූ මනාව අවබොධ කළාවූ තථාගතයන් වහන්සේගේ මේ දහම් දෙසුන් දෙකක් පිළිවෙළක් අනුව ඇත්තේ වෙත් යයි.”

මේ අර්ථය භාග්‍යවතුන් වහන්සේ වදාළසේක. එහි මේ අර්ථය මෙසේ කියනු ලැබේ.

“අනුකම්පා කරන සුලුවූ තථාගතවූ සර්වඥ බුදුරජාණන් වහන්සේගේ කාරණයෙන් හෝ වාරයෙන් දෙසීම බලව, ධර්මයෝ දෙදෙනෙක් ප්‍රකාශ කරන ලද්දාහුය.

“පව (පව් වශයෙන්) දකිවු. (යනු) එක් දෙසුමෙකි. ඒ පවෙහිද නොඇලෙවු, ඒ පවෙහි නොඇලුණු සිත් ඇත්තාවූ (තෙපි) දුක් කෙළවර කරන්නාහුය යනු දෙවන දෙසුමයයි”