ඛුද්දක නිකාය
රහත් භික්ෂුණීන් වහන්සේලා වදාළ ගාථා
10 එකාදසනිපාතො
10.1. කිසාගෝතමී තෙරණිය ගේ ගාථා
අප ගේ මුනිඳුන් කළ්‍යාණ මිත්‍ර සේවනය වර්ණනාකළේ ලෝකයේ යහපත පිණිස ම යි. කළ්‍යාණ මිත්‍රයන්ඇසුරු කරන මෝඩ තැනැත්තා පවා නුවණැත්තෙක්වෙනවා.
ආශ්‍රය කරන්ට ඕන සත්පුරුෂයන් ව ම යි. සත්පුරුෂආශ්‍රයෙන් ම යි ප්‍රඥාව වැඩෙන්නෙ. සත්පුරුෂයන් ආශ්‍රයකරන කෙනා සියළු දුකින් නිදහස් වෙනවා.
සත්පුරුෂ ආශ්‍රය තියෙන කෙනා දුක අවබෝධකරනවා. දුකේ හට ගැනීම ප්‍රහාණය කරනවා. දුකේ නැතිවීමසාක්ෂාත් කරනවා. ආර්ය අෂ්ටාංගික මාර්ගය දියුණු කරගන්නවා. චතුරාර්ය සත්‍ය අවබෝධ කරනවා.
පුරිසදම්මසාරථී වූ බුදු සමිඳුන් වදාළේ ගැහැණියකගේ ජීවිතය දුක් සහිත යි කියල. එක ස්වාමියෙකු යටතේසමාන බිරිඳන් වශයෙන් සිටීම ත් දුකක්. ඇතැම් කාන්තාවන්එක වතාව යි දරුවන් වදන්නෙ.
වේදනාව ඉවසගන්ට බැරිව බෙල්ල කපා ගන්නවා.ඒ සියුමැලි කාන්තාවන් වහ කාලා මැරෙනව. සමහර විටමව්කුසේ දරුව හිරවෙලා දෙන්න ම මැරෙනව.
බබා හම්බ වෙන්ට ළඟ බව මට ත් තේරුණා.ඉතින් මං ගෙදර යන්ට පිටත් වුණා. ගෙදර යන්ට ලැබුණේනෑ. අතරමග දී බබා හම්බ වුණා. අතරමග දී ම යි මගේසැමියා ත් මැරිල ඉන්නව දකින්ට ලැබුණෙ.
දුකට පත් වෙලා හිටිය වෙලාවෙ මගේ දරුවොදෙන්න ත් මළා. සැමියා ත් මළා. අම්ම යි තාත්ත යිසහෝදරය යි එක ම දර සෑයෙ දැවෙනව මට දකින්ටලැබුණා.
සම්පත් නැති වෙලා ගිය දුප්පත් පවුලක උපන්තැනැත්තී, ඔයා අප්‍රමාණ දුක් විඳපු කෙනෙක්. සංසාරෙදහස් ගණන් උපන් වාර වල දී ඔයා තුළ තිබුණෙ කඳුළු මයි.
සංසාරෙ ගෙවද්දි සොහොන් වල වාසය කළා. තමන්ගේ ම දරුවන් ගෙ මස් කෑව. හැමෝ ම මාව එළව ගත්ත.පවුල් විනාශ වුණා. සැමියා මැරුණ. නමුත් මම ත් නිවන්දැක්කා.
අමා නිවනට මාර්ගය වූ ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගයම යි වැඩුවේ. නිවන සාක්ෂාත් කර ගත්තා. මං මේවඔක්කොම දහම් කණ්ණාඩියෙන් බලනව.
මං දැන් ඒ ශෝක හුල් ඔක්කොම උදුරා දැම්ම.කෙලෙස් බර පැත්තකින් තිබ්බ. කළ යුතු දේ කර ගත්ත.මේ දේවල් කියන්නෙ කෙලෙස්වලින් නිදහස් වුන සිත ක් තියෙන කිසාගෝතමී තෙරණිය යි.
මේ වනාහී කිසාගෝතමී නම් රහත් තෙරණිය වදාළ ගාථාවන් ය.
එකළොස්වෙනි නිපාතය නිමා විය. (ගාථා එකොළහ බැගින් වදාළ කොටස නිමා විය)