ඛුද්දක නිකාය

රහත් භික්ෂුණීන් වහන්සේලා වදාළ ගාථා

11 ද්වාදසකනිපාතො

11.1. උප්පලවණ්ණා තෙරණිය ගේ ගාථා

අපි දෙන්න අම්ම යි, දුව යි. එක ම ස්වාමිය ගෙභාර්යාවන් වෙලා හිටිය. මේ සිදුවීම මගේ ජීවිතේ අද්භූතවූ ත් ලොමුදහ ගැන්වෙන සිදුවීමක් වුණා.

මේ කාමයන්ට නින්දා වේවා. මේ කාමයන්ඇත්තෙන් ම අපිරිසිදු යි. ගඳ යි. ගොඩාක් කරදර ඇතිකරනව. මේ කාමයන් නිසා ම යි අම්මට යි, දූට යි එක මස්වාමියා ගේ භාර්යාවන් වෙන්ට සිදු වුණේ.

මං මේ කාමයේ ආදීනව දැක්ක. කාමයන් ගෙන්නිදහස් වීම කෙම් බිමක් වශයෙනුත් දැක්ක. ඊට පස්සෙ ඈරජගහනුවර දී මහණ වුණා.

මං දැන් පුබ්බේනිවාස ඤාණය ත් ලබා ගත්ත. දිවැස්නුවණ ත් පිරිසිදු කර ගත්ත. අනුන් ගේ සිත් දැනීමේනුවණ ත් ලබා ගත්ත. දිව්‍ය කණ ත් පිරිසිදු කර ගත්ත.

ඉර්ධි බල ත් ලබා ගත්ත. අරහත්වයට ත් පත් වුණා.මං මේ අභිඤ්ඤා හය ම ලබාගත්ත. බුදු සසුන සම්පූර්ණ කරගත්ත.

මං ඉර්ධි බලයෙන් අශ්ව කරත්ත හතරක් මවා ගත්ත.ලෝක නාථ වූ අකම්පිත සිත් ඇති බුදු සමිඳුන් බැහැදකින්ට ගියා. ඒ සිරිපා කමල් වැඳ පුදා ගත්ත.

(මාරයා) ඔයා ඔය තනියම ඉන්නෙ, අතු අග පටන්පිපී ගිය මල් තියෙන සල් ගහක් සෙවනෙ. ළඟපාතකවෙන කව්රුවත් නෑ. ඒයි මෝඩ කාන්තාව, සල්ලාලයන්ගැන ඔයාට බයක් නැද්ද?

(ඒයි මාරය) ඔය සල්ලාල ජනයා සිය දහස් ගණනක්ආව ත් මගේ ඇෙඟ් එක ලොම් ගහක් වත් බයෙන්සැලෙන්නෙ නෑ. කම්පා වෙන්නෙ නෑ. මාරය, මංහුදෙකලාවේ සිටීම ගැන උඹට මොකට ද?

මාරය, මට උඹ ඉදිරියේ අතුරුදහන් වෙන්ට පුළුවන්.උඹට ත් හොරෙන් උඹේ කුසට රිංගන්ට පුළුවන්. ඇහිබැම දෙක අතරේ ඉන්ට පුළුවන්. මං එහෙම ඉන්නකොටමාව දැකගන්ට උඹට හැකියාවක් නෑ.

මට තියෙන්නෙ දමනය කරපු හිතක්. මං ඉර්ධිපාදවඩපු කෙනෙක්. මං අභිඤ්ඤා හය ම සාක්ෂාත් කරලඉන්නෙ. මං බුදු සසුන සම්පූර්ණ කරගත්ත.

කාමයන් කියන්නෙ විස පොවාපු ආයුධ වගේදෙයක්. උපාදානස්කන්ධ කියන්නෙ මස් වැදලි වගේ දෙයක්.උඹ ඔය කියන කාමරතිය මට දැන් අරතියක්.

මං හැම දෙයක් ගැන ම තිබුණ තණ්හාව නැතිකළා. අවිද්‍යා අන්ධකාරය බිඳල දැම්ම. මාරය, ඔන්න ඔයවිදියට යි ඔය කරුණ තේරුම් ගත යුත්තේ. මාරය, ඔය කරුණේ දී නැසුණේ ඔබ ම යි.

මේ වනාහී උප්පලවණ්ණා නම් රහත් තෙරණිය වදාළ ගාථාවන්ය.

දොළොස්වෙනි නිපාතය නිමා විය. (ගාථා දොළොස බැගින් වදාළ කොටස නිමා විය)