ඛුද්දක නිකාය
රහත් භික්ෂුණීන් වහන්සේලා වදාළ ගාථා
12 සොළසනිපාතො
12.1. පුණ්ණා තෙරණිය ගේ ගාථා
මං සීතලේ ම වතුර ඇද්දා. හැම තිස්සේ ම වතුරටබැස්සා. එහෙම කළේ ස්වාමි දරුවන් ගෙ දඬුවම්වලටබයෙන්. බැණුම් අහන්ට බයෙන්. මගෙන් වරදක් වෙයිකියන බයෙන්.
ඒත් බ්‍රාහ්මණය, ඔබ කාට බය වෙලා ද හැමදා මඔය වතුරට බහින්නෙ. අතපය වෙව්ල වෙව්ල අධිකසීතලෙන් දුක් විඳින්නෙ කාට බයෙන් ද?
පුණ්ණා, මගෙන් ඕක අහන්ට ඕන දැනගෙන මනේ ද? මං මේ කරන්නෙ පව් සෝද සෝද කුසල් රැස්කරන එක නේ.
මහල්ලෙක් හරි, තරුණයෙක් හරි, එයා පව් මොනවහරි කරල තියෙනව නම්, ඒ පව්වලින් නිදහස් වෙන්නෙමේ විදියට ජලස්නානය කිරීමෙනු යි.
බ්‍රාහ්මණය, කර්මයන් ගේ විපාක දෙන ස්වභාවය නො දන්නා ඔබට, ඔය විදියට ජලස්නානයෙන් පාපකර්මවලින් නිදහස් වෙන්ට පුළුවන් කියල ඔබට කියපු,කර්මයන් ගේ විපාක දෙන ස්වභාවය දන්නෙ නැති කෙනාකව්ද?
ඕක ඇත්ත නම්, මේ ඔක්කොම ගෙම්බො,කැස්බෑවො, කිඹුල්ලූ, වතුරේ ඉන්න අනෙක් සත්තු ඔක්කොම ඒකාන්තයෙන් ම ස්වර්ගයට යනව.
ඕක ඇත්ත නම්, එළුවන් මරණ අය, ඌරන් මරණඅය, මාළුන් මරණ අය, මෘගයන් මරණ අය, සොරු,අළුගෝසුවෝ, තවත් පව් කරපු අය ඔක්කොට ම කරන්නතියෙන්නෙ ජල ස්නානයෙන් පව් හෝදල දාන එක නෙ.
ඔබ කරපු පව් හෝදන්ට මේ ගංඟාවලට පුළුවන්නම්, ඔබ කරපු පිනුත් මේ ගංඟාවල් විසින් හෝදල දමාවි.එතකොට ඔබ දැන් පිංවලින් ද බැහැර වුණ කෙනෙක්.
බ්‍රාහ්මණය, ඔබ පව්වලට ඇති බිය නිසා නෙ මේහැම දා ම මේ වතුරට බහින්නෙ. බ්‍රාහ්මණය, ඔබ පව්නො කර ඉන්න. මේ සීතල වතුර ඔබේ සමට පීඩා දෙන්නඑපා!
පින්වතී, ඇත්තෙන් ම මං හිටියෙ නො මඟට වැටිල.මේ වතුර නෑමෙන් මාව නිදහස් කරගෙන ආර්ය මාර්ගයටපැමිණෙව්වෙ ඔබ යි. මං ඔබට මේ සළුපට දෙනව.
බ්‍රාහ්මණය, සළුපට ඔබ තියාගන්න. මං සළුපටක්ගන්ට කැමැති නෑ. ඉදින් ඔබ දුකට බිය නම්, දුකට අකමැතිනම්,
රහසේ හෝ එළිපිට හෝ පව් කරන්ට එපා! ඉදින් ඔබ අනාගතේ පව් කරනව නම්, දැන් පව් කරනව නම්,
කොයිතරම් දැන ගෙන පැනල යන්ට හැදුවත් ඒදුක් විපාක වලින් නිදහස් වෙන්ට බෑ. ඉදින් ඔබ දුකට බයනම්, දුකට අකැමැති නම්,
අකම්පිත සිත් ඇති බුදු සමිඳුන් ව ත්, සද්ධර්මය ත්,ආර්ය සංඝරත්නය ත් සරණ යන්න. සිල් සමාදන් වෙන්න.ඔබට ඒක ගොඩාක් යහපත පිණිස පවතීවි.
පින්වතී, ඔව්, අකම්පිත සිත් ඇති බුදු සමිඳුන් ව ත්,සද්ධර්මය ත්, ආර්ය සංඝරත්නය ත් මං සරණ යනව.සිල් සමාදන් වෙනව. මට ඒක ගොඩාක් යහපත පිණිසපවතීවි.
මං බ්‍රාහ්මණ කුලේ ඉපදුනු නිසා බ්‍රහ්මබන්ධු කියලමට කිව්ව. නමුත් මං ඇත්තට ම බ්‍රාහ්මණයෙක් වුනේදැනුයි. මාත් ත්‍රිවිද්‍යාව ලබාගත්ත. නිවනට පත් වුණා.යහපතට පත් වුණා. කෙලෙස් සෝදල දැම්ම.
මේ වනාහී පුණ්ණා නම් රහත් තෙරණිය වදාළ ගාථාවන් ය.
දහසයවෙනි නිපාතය නිමා විය. (ගාථා දහසය බැගින් වදාළ කොටස නිමා විය)