ඛුද්දක නිකාය

රහත් භික්ෂුණීන් වහන්සේලා වදාළ ගාථා

13 වීසතිනිපාතො

13.1. අම්බපාලි තෙරණිය ගේ ගාථා

ඉස්සර මගේ කොණ්ඩෙ කළු පාට යි. බඹරුන් ගෙ පාට වගේ. කැරලි ගැහිල උඩට හැරිල තිබුණ. ඒ වුණාටදැන් ජරාවට පත්වෙලා ගිහින්, හණ වැහැරි වගෙ යි. සත්‍යවාදීවූ බුදු සමිඳුන් ගේ වචනය නම් වෙනස් වෙන්නෙ නෑ.

ඉස්සර මං කොණ්ඩෙට සුවඳ මල් ගහනව. එතකොටකොණ්ඩෙ සුවඳ කරඬුවක් වගෙයි. ඒ වුණාට දැන් ජරාවෙන්යට වෙලා ගිහින්. හා ලොම් වගේ ගඳ ගහනව. සත්‍යවාදීවූ බුදු සමිඳුන් ගේ වචනය නම් වෙනස් වෙන්නෙ නෑ.

ලස්සනට පිළිවෙළකට මල් වවපු මිදුලක් වගේ මංපනාවෙන් ලස්සනට කොණ්ඩෙ පීරනව. අවුල් දිග හැරලරත්තරන් කොණ්ඩ කටු ගහල ලස්සනට සකස් කරනව.නමුත් දැන් ජරාව නිසා ඒ කෙස් ගැලවිලා ගිිහින් තැනින්තැන ඉතුරු වෙලා තියෙන්නෙ. සත්‍යවාදී වූ බුදු සමිඳුන්ගේ වචනය නම් වෙනස් වෙන්නෙ නෑ.

කළු කෙස් වැටි ලස්සනට ගොතල, රත්තරන්ආභරණවලින් සරසපුව ම හරි ම ලස්සන යි. නමුත් දැන්ජරාව විසින් ඒ ගෙස් ගලවල දාල තියෙන්නෙ. සත්‍යවාදීවූ බුදු සමිඳුන් ගේ වචනය නම් වෙනස් වෙන්නෙ නෑ.

ඉස්සර මගේ ඇහි බැම හරි ම ලස්සන යි. දක්ෂචිත්‍ර ශිල්පියෙක් ලස්සනට ඇඳපු රේඛාවක් වගෙයි. නමුත්දැන් ජරාවට පත් වෙලා. රැලි දෙකක් වගේ නලලේ එල්ලාවැටෙනව. සත්‍යවාදී වූ බුදු සමිඳුන් ගේ වචනය නම් වෙනස්වෙන්නෙ නෑ.

ඉස්සර මගේ ඇස් දෙක ලොකු යි, දිග යි. නිල්මැණික් දෙකක් වගේ බැබලූනා. නමුත් දැන් ජරාව විසින් ඒඇස් දෙක විරූපී කරල තියෙන්නෙ. සත්‍යවාදී වූ බුදුසමිඳුන් ගේ වචනය නම් වෙනස් වෙන්නෙ නෑ.

ඉස්සර මගේ නැහැය සිනිඳුවට ඉස්සිලා තිබුණා. ඒනැහැයට මගේ මූණ ගොඩක් ලස්සන වුණා. නමුත් දැන්ජරාව විසින් ඒක හකුළුවල දාලා තියෙන්නෙ. සත්‍යවාදී වූබුදු සමිඳුන් ගේ වචනය නම් වෙනස් වෙන්නෙ නෑ.

මගේ මේ කන්පෙති ඉස්සර හරි ම ලස්සන යි.ලස්සනට හදාපු රත්තරන් වළලූ වගේ. නමුත් දැන් ජරාවටපත් වෙලා රැලි ගැහිල එල්ලා වැටෙනව. සත්‍යවාදී වූ බුදුසමිඳුන් ගේ වචනය නම් වෙනස් වෙන්නෙ නෑ.

ඉස්සර මගේ දත් සුදට සුදේ කොඳ කැකුළු වගේලස්සනට තිබුණ. නමුත් දැන් ජරාවට පත්වෙලා කැඩිලගිහිල්ල කහ පාට වෙලා තියෙන්නෙ. සත්‍යවාදී වූ බුදුසමිඳුන් ගේ වචනය නම් වෙනස් වෙන්නෙ නෑ.

ඉස්සර මගේ කටහඬ හරි ම මිහිරි යි. වනාන්තරේරුක් ගොමු අතරින් මිහිරට නාද කරන කෝකිලාවක් වගෙයි.නමුත් දැන් ජරාවට පත්වෙලා දැන් මගේ කටහඬ තැනින්තැන පැකිලෙනව. සත්‍යවාදී වූ බුදු සමිඳුන් ගේ වචනයනම් වෙනස් වෙන්නෙ නෑ.

ඉස්සර මගේ බෙල්ල, ලස්සනට ඔප දමාපු රත්තරන්බෙල්ලක් වගෙයි. නමුත් දැන් ජරාවට පත්වෙලා. ඒ ලස්සනනැතිවෙලා ගිහින්, බෙල්ල නැමිල තියෙන්නෙ. සත්‍යවාදීවූ බුදු සමිඳුන් ගේ වචනය නම් වෙනස් වෙන්නෙ නෑ.

ඉස්සර මගේ අත් දෙක රත්තරන් වලින් කරපු දෙයක්වගේ. නමුත් දැන් ජරාවට පත් වෙලා, පළොල් ගහක අතුදෙකක් වගෙයි. සත්‍යවාදී වූ බුදු සමිඳුන් ගේ වචනය නම්වෙනස් වෙන්නෙ නෑ.

ඉස්සර මගේ අත්වල ඇඟිලි, රත්තරන්වලින් කරපු රූපයක් වගෙයි. රන් වළලූ, මුදු දාල ලස්සන වැඩිවෙලාතිබුණ. නමුත් දැන් ඒ ඇඟිලි ජරාවට පත් වෙලා, පේන්නෙමුල් ගොඩක් වගෙයි. සත්‍යවාදී වූ බුදු සමිඳුන් ගේ වචනයනම් වෙනස් වෙන්නෙ නෑ.

ඉස්සර මගේ පියයුරු දෙක එකට එකතු වෙලාඋඩට හැරිල ලස්සනට තිබුණ. නමුත් දැන් ජරාවට පත්වෙලා,වතුර හිඳිච්ච පෙරහන්කඬේ වගේ එල්ලා වැටෙනවා.සත්‍යවාදී වූ බුදු සමිඳුන් ගේ වචනය නම් වෙනස් වෙන්නෙනෑ.

ඉස්සර මගේ ශරීරය හොඳට මැදල ඔපදාපු රත්තරන්රූපයක් වගෙයි. නමුත් දැන් ජරාවට පත්වෙලා, ඇඟ පුරාම රැළි එල්ලා වැටෙනවා. සත්‍යවාදී වූ බුදු සමිඳුන් ගේවචනය නම් වෙනස් වෙන්නෙ නෑ.

ඉස්සර මගේ කළවා දෙක ලස්සන ඇතෙකු ගේහොඬවැල වගෙයි. නමුත් දැන් ජරාවට පත් වෙලා, උණබට දෙකක් වගෙ යි. සත්‍යවාදී වූ බුදු සමිඳුන් ගේ වචනයනම් වෙනස් වෙන්නෙ නෑ.

ඉස්සර මගේ කෙණ්ඩා දෙක රන් නූපුරවලින් සරසලහරි ම ලස්සන යි. නමුත් දැන් ජරාවට පත්වෙලා, තලපිතිදෙකක් වගෙයි. සත්‍යවාදී වූ බුදු සමිඳුන් ගේ වචනය නම්වෙනස් වෙන්නෙ නෑ.

ඉස්සර මගේ දෙපා තිබුනෙ සිනිඳු පුළුන් පුරවලතියෙනව වගෙයි. නමුත් දැන් ජරාවට පත්වෙලා. යටිපතුල්පැලිල රැළි ගැහිල තියෙන්නෙ. සත්‍යවාදී බුදු සමිඳුන් ගේවචනය නම් වෙනස් වෙන්නෙ නෑ.

ඔන්න ඕක තමයි මේ ශරීරයේ ඇත්ත තත්වෙ.ජරාවෙන් දෙදරලා යනව. බොහෝ දුකට වාසස්ථානය යි.දැන් මේ ශරීරය පිළිසකර කර ගන්ට බැරි තරමට කඩාවැටෙන්ට ළං වුන දිරාපු ගෙයක් වගෙයි. සත්‍යවාදී වූ බුදුසමිඳුන් ගේ වචනය නම් වෙනස් වෙන්නෙ නෑ.

මේ වනාහී අම්බපාලී රහත් තෙරණිය වදාළ ගාථාවන් ය.