ඛුද්දක නිකාය

රහත් භික්ෂුණීන් වහන්සේලා වදාළ ගාථා

13 වීසතිනිපාතො

13.2. රෝහිණී තෙරණිය ගේ ගාථා

පින්වත් දුවේ, ඔයා ශ්‍රමණයන් ගැන කිය කියා ම යිනින්දට යන්නෙ. ශ්‍රමණයන් ගැන කිය කියා ම යිඅවදිවන්නෙත්. ශ්‍රමණයන් ගේ ගුණ ම යි කියන්නෙ. මොකදඔයාට ත් ශ්‍රමණියක් වෙන්ට හිතුණ ද?

ඔයා ශ්‍රමණයන්ට ම යි බොහෝ දානමාන දෙන්නෙ.රෝහිණී දුවේ, මං ඔයා ගෙන් අහන්නෙ මේක යි. ඔයාටශ්‍රමණයන් ව ඔය තරම් ප්‍රිය වුණේ ඇයි?

ඒ ගොල්ල වැඩක් පලක් කරන්ට ත් කම්මැලි යි.අලස යි. අනුන් දීපු දේකින් තමයි ජීවත් වෙන්නෙ. අනුන්ගේ දෙයක් ම යි බලාගෙන ඉන්නෙ. හොඳ දේවල් ම යිකැමැති. ඉතින් එහෙම තියෙද්දි ඔයාට මේ ශ්‍රමණයන් වඔය තරම් ප්‍රිය වුණේ ඇයි?

තාත්තෙ, ඔයා ශ්‍රමණයන් ගැන මගෙන් ඇහැව්වෙගොඩක් කාලෙකින්. මං දැන් ඔයාට කියන්නම්, ඒ ශ්‍රමණයන්ගේ ප්‍රඥාව ත් සීලය ත් වීරිය ත් ගැන.

ඒ ශ්‍රමණයන් හරි ම කැමැති යි නිවන් අවබෝධකරගන්ට. කම්මැලි නෑ. ලෝකෙ තියෙන ශ්‍රේෂ්ඨ ම වැඬේතමයි කරන්නෙ. ඒ තමයි රාග ද්වේෂ දුරු කරන එක. අන්න ඒ නිස යි මං ශ්‍රමණයන්ට කැමැති.

පිරිසිදු ජීවිත ගතකරනව. ඒ ශ්‍රමණයින් ලෝභ,ද්වේෂ, මෝහ දුරු කරනව. ඒ ගොල්ල අරහත්වය මලබාගෙන හැම පවක් ම නැති කරල දානව. අන්න ඒ නිසයි මං ශ්‍රමණයන්ට කැමැති.

පිරිසිදු දේවල් ම යි උන්වහන්සේල කරන්නෙ. පිරිසිදුවචන ම යි කථා කරන්නෙ. පිරිසිදු දේවල් ම යි සිතන්නෙ.අන්න ඒ නිස යි මං ශ්‍රමණයන්ට කැමැති.

ඒ ශ්‍රමණයන් ආධ්‍යාත්මික වශයෙනුත් පිරිසිදු යි.බාහිර වශයෙනු ත් පිරිසිදු යි. නිර්මල සක්මුතු වගේ. කුසල්දහම් වලින් පිරිල ඉන්නෙ. අන්න ඒ නිස යි මං ශ්‍රමණයන්ටකැමති.

ඒ ශ්‍රමණයන් බුදු සමිඳුන් ගේ ධර්මය ගොඩාක්අහල තියෙනව. ඒ ධර්මය මතක තියාගෙන ඉන්නව.ධාර්මික ජීවිතයෙන් ම උසස් තත්වයට පත්වෙල ඉන්නෙ.ඒ නිස යි මං ශ්‍රමණයන්ට කැමැති.

ඒ ශ්‍රමණයන් බුදු සමිඳුන් ගේ ධර්මය ගොඩාක්අහල තියෙනව. ඒ ධර්මය මතක තියාගෙන ඉන්නව.ධාර්මික ජීවිතෙන් ම උසස් තත්වයට පත්වෙලා ඉන්නෙ.සමාහිත සිතින්, හොඳ සිහියෙන් ඉන්නෙ. අන්න ඒ නිස යිමං ශ්‍රමණයන්ට කැමැති.

ඈත සේනාසනවල යි වැඩ ඉන්නෙ. හොඳ සිහිනුවණින් කල් ගෙවන්නෙ. නුවණ පාවිච්චි කරල යි කථාකරන්නෙ. හරි ම නිහතමානි යි. දුකේ අවසානය වූ අමානිවන ගැන දැන ගෙන යි ඉන්නෙ. අන්න ඒ නිස යි මංශ්‍රමණයන්ට කැමැති.

ඒ ශ්‍රමණයන් ගමකින් තවත් ගමකට වඩිනකොටකිසි ම දෙයක් අපේක්ෂා කරන්නෙ නෑ. ආපසු හැරිලබලන්නෙ නෑ. අපේක්ෂා රහිත ව ම අත්හැරල යනව.අන්න ඒ නිස යි මං ශ්‍රමණයන්ට කැමැති.

ඒ ශ්‍රමණයන් තමන් ගෙ දේවල් පෙට්ටගම්වලදාන්නෙ නෑ. හැලි වළංවල දාන්නෙ නෑ. මලූවල හංගන්නෙනෑ. කාගෙ හරි ගෙදරක ඉදෙන බත් චුට්ටක් විතර යිසොයා ගෙන යන්නෙ. අන්න ඒ නිස යි මං ශ්‍රමණයන්ටකැමැති.

ඒ ශ්‍රමණයන් මිල මුදල් පිළිගන්නෙ නෑ. රන් රිදීපිළිගන්නෙ නෑ. ඒ වෙලාවට ලැබෙන දේකින් ජීවත් වෙනව.අන්න ඒ නිස යි මං ශ්‍රමණයන්ට කැමැති.

ඒ ශ්‍රමණයන් නොයෙක් කුලවලින් ඇවිත්, නොයෙක්පළාත්වලින් ඇවිත් මහණ වෙලා ඉන්නෙ. නමුත් ඒ කිසිභේදයක් නැතිව එකිනෙකාට මෛත්‍රියෙන් ම යි වාසයකරන්නෙ. අන්න ඒ නිස යි මං ශ්‍රමණයන්ට කැමැති.

පින්වත් රෝහිණී දුවේ, ඔයා ගෙ හිතේ ලොකුශ්‍රද්ධාවකුත්, ලොකු ගෞරවයකුත් තියෙනව, ඒ බුදු සමිඳුන්ගැන ත්, සද්ධර්මය ගැන ත්, ආර්ය ශ්‍රාවක සංඝරත්නයගැන ත්, ඇත්තෙන් ම ඔයා අපේ පවුලෙ උපන්නෙ අපේවාසනාවට.

ඇත්තෙන් ම ඔයා හඳුනාගෙන තියෙන්නෙ අනුත්තරපින්කෙත ගැන. ඒ ශ්‍රමණයන් වහන්සේලා අපේ දානෙපිළිගන්නව නම්, අපට ඒ දානයෙන් මහත් ඵල මහානිශංසලැබෙනව.

තාත්තේ, ඉතින් ඔය ත් දුකට බය නම්, දුකට අකැමැති නම්, ඔය ත් අකම්පිත සිත් ඇති බුදු සමිඳුන් වත්, සද්ධර්මය ත්, ආර්ය සංඝරත්නය ත් සරණ යන්න. සිල්සමාදන් වෙන්න. ඒක ඔයාට ගොඩාක් යහපත පිණිසහේතු වෙනව.

ඔව් දුව, මාත් අකම්පිත සිත් ඇති බුදු සමිඳුන් ව ත්,සද්ධර්මය ත්, ආර්ය ශ්‍රාවක සංඝරත්නය ත් සරණ යනව.මාත් සිල් සමාදන් වෙනව. ඒක මට ගොඩාක් යහපතපිණිස පවතීවි.

මං බ්‍රාහ්මණ කුලේ උපන් නිසා මට කිව්වෙබ්‍රහ්මබන්ධු කියල. නමුත් මං ඇත්තට ම බ්‍රාහ්මණයෙක්වුණේ දැනුයි. මාත් ති්‍රවිද්‍යාව ලබා ගත්ත, යහපතට පත්වුණා. ධර්මයේ මුදුනට පැමිණුනා. පව් සෝදල දැම්ම.

මේ වනාහී රෝහිණී නම් රහත් තෙරණිය වදාළ ගාථාවන් ය.