ඛුද්දක නිකාය
රහත් භික්ෂුණීන් වහන්සේලා වදාළ ගාථා
13 වීසතිනිපාතො
13.3. චාපා තෙරණිය ගේ ගාථා
(උපක:) එයා ඉස්සර තවුස් පිරිකර අතට ගත්තකෙනෙක්. නමුත් දැන් එයා මුව වැද්දෙක්. ආශාව නිසාකාම මඩ ගොහොරුවෙන් මිදිල එතෙරට යා ගන්ට එයාටබැරි වුණා.
චාපා හිතා ගෙන ඉන්නෙ මං තාම ත් ඈට ඇලිලඉන්නෙ කියල. ඈ පුතා ව නළවන්ට පටන් ගත්තා. ඒවුණාට චාපා ගැන මතේ හිතේ තියෙන බන්ධනය නැතිකරගෙන මං ආයෙමත් මහණ වෙනව.
(චාපා:) මහා වීරියවන්තයාණනි, මං ගැන කේන්තිගන්ට එපා. මහා මුනිඳුනි, මං ගැන කේන්ති ගන්ට එපා.ක්‍රෝධයට යට වෙන කෙනෙකුට පිරිසිදු බවක් ඇති වෙන්නෙ නෑ. තපසක් කොයින් ද?
(උපක:) මං මේ ”නාලා” ගම ත් දාල යනව. මේ ”නාලා” ගමේ නවතින්නෙ කව්ද? ධාර්මික ව ජීවත් වෙච්චශ්‍රමණයින් වත් අල්ලල බැඳ ගත්තෙ මේ ස්ත්‍රී රූපෙ තමයි.
(චාපා:) කලූ, මෙහාට එන්න. නවතින්න. කලින්වගේ ම කාම සම්පත් අනුභව කරන්ට. මාත්, මගේ නෑදෑයොත් ඔයාට වසඟ වෙලා ඉන්නෙ.
(උපක:) චාපා, ඔයා මට ඔය කියන කථාවලින්හතරෙන් පංගුවක් කිව්වොත්, ඔයාට ඇලූන මිනිහෙකුටනම් මහා ලොකු දෙයක් වගේ තියේ වි.
(චාපා:) කලූ, කන්දක් මුදුනක යොවුන් කිණිහිරිමල් ගහක් තියෙනව. ඒ මල් ගහේ ලස්සනට මල් පිිපිලතියෙන්නෙ. ඒ වගේ ම ලස්සනට මල් පිපිච්ච දෙළුම්ගහක් තියෙනව. දූපතක් මැද්දෙ තියෙනව ලස්සනට මල්පිපී ගිය පළොල් ගහක්.
රන් හඳුන් ගාපු ශරීරයක් තියෙන, උතුම් කසීසළුපොරවන, ලස්සන රූපයක් තියෙන මාව අත් හැරල දාන්ටපුළුවන් වෙන්නෙ කාට ද?
(උපක:) ලිහිණි වැද්දා කැමති වුණා ලිහිණියෙක්හිර කරල තියාගන්ට. නමුත් ඔයා ගෙ ඔය රූපෙන් මාවනම් බැඳල තියාගන්ට බෑ.
(චාපා:) කලූ, මගේ මේ පුතා මට ලැබුණෙත් ඔයානිසා. ඉතින් පුතෙක් ඉන්න මාව අත්හැරල දාල යන්ටහිතන්නෙ කව්ද?
(උපක:) නුවණ තියෙන මිනිස්සු දරුවන් ව අත් හැරල දානව. ඒ වගේ ම තමන් ගේ නැදෑයන් ව ත්, දේපළවස්තුව ත් අත් හැරල දානව. මහා හස්ථිරාජයෙක් දම්වැල් කඩාගෙන යනව වගේ ගිහි බන්ධන කඩාගෙන ගිහින්මහණ වෙනව.
(චාපා:) එහෙම ද? එහෙනම් මං දැන් පොල්ලකින්ගහල හරි, පිහියකින් ඇනල හරි මේ පුතා ව මරල දානව.පොළොවේ ගහල හරි මරල දානව. එතකොට පුතා ගැනශෝකෙන් ඉන්න ඔයාට ඔය ගමන යන්ට ලැබෙන්නෙනෑ.
(උපක:) ඒයි ළාමක ගෑණියේ. ඔහොම නොවෙයි,පුතා ව හිවල්ලූන්ට කන්ට දුන්න ත්, බල්ලන්ට කන්ටදුන්න ත්, මට කමක් නෑ. පුතෙක් හින්ද ආයෙමත් මාව මේගෙදර නවත්තගන්ට බැරි බව දැන ගනින්.
(චාපා:) කලූ, මගේ ස්වාමීනි, හා හොඳයි. එහෙනම්කියන්න, දැන් ඔයා කොහිද යන්නෙ? කොයි ගමට ද?කොයි නියම් ගම ට ද? කොයි නගරෙ ට ද? කොයිරාජධානිය ට ද?
(උපක:) ඉස්සර අපි ශ්‍රමණයන් නො වී ම ශ්‍රමණයන්කියල හිතාගෙන හිටිය. ඉතින් පිරිස් පිරිවරාගෙන ගමින්ගමට, නගරයෙන් නගරෙට, රාජධානියෙන් රාජධානියටඇවිද ගෙන ගියා.
නමුත් අන්න භාග්‍යවත් බුදු රජාණන් වහන්සේනේරංජරා ගංඟා තීරයේ, හැම දුක් අවසන් කරන ධර්මයදේශනා කරනව. මං මේ වතාවෙ යන්නෙ උන්වහන්සේළඟට යි. උන්වහන්සේ තමයි මගේ ශාස්තෘන් වහන්සේ.
(චාපා:) අනේ! එහෙනම් ලෝකනාථ වූ අනුත්තර වූ මුනිඳුන් ට මාත් වන්දනා කරන බව කියන්ට. උන්වහන්සේව පැදකුණු කරල ඒ පින මට ත් ලබා දෙන්ට.
(උපක:) ඔව්! ඔයා කියන විදියට ම ඒ පින ලබාගන්ටපුළුවන්. ලෝකනාථ වූ අනුත්තර වූ මුනිඳුන් ට ඔයා ගේවැඳීම ගැන මං කියන්නම්. උන්වහන්සේ ව පැදකුණු කරලඒ පින මං ඔයාට ලබා දෙන්නම්.
ඊට පසු කලූ (උපක) නේරංජරා ගංතෙර දක්වා මගියා. එයාට එහෙදි දැක ගන්ට ලැබුණා අමා දහම් දෙසනබුදු සමිඳාණන් ව.
ඒ දහම් නම්, දුක, දුකේ හට ගැනීම, දුක ඉක්මවායාම, දුක සංසිඳුවන ආර්ය අෂ්ඨාංගික මාර්ගය.
එයා බුදු සමිඳුන් ගේ සිරි පතුල් වැඳ පුදාගත්ත.උන්වහන්සේ වටේ පැදකුණු කරගෙන ලබා ගත්තු පින්චාපාට අනුමෝදන් කළා. බුද්ධ ශාසනයේ මහණ වුණා.ත්‍රිවිද්‍යාව ලබා ගත්තා. බුදු සසුන සම්පූර්ණ කරගත්තා.
මේ වනාහී චාපා නම් රහත් තෙරණිය වදාළ ගාථාවන් ය.